fbpx
Info Sri Lanka | www.infosrilanka.lk

රට පුරා වන විනාශය: අධි සංවේදී රිවස්ටන් පිටවල පතනත් වනසයි

ලෝක උරුම පිටවල පතනේ පරිසර හිතකාමී නොවන ලෙස ඉදිවන දෙමහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම්වලට විරුද්ධව විරෝධතාවක් පිටවල පතනේ දී ගම්වැසියන් සහ තවත් පිරිසක් එකතුවෙන් සිදු විය.

වන සංරක්ෂණ නිලධාරීන් මෙම ඉදි කිරීම නිසා එක් ගසක් පමණක් කපා ඉවත් කළ බව පවසා සිටියත් එම අවස්ථාවේදීම කපා ඉවත් කළ ගස් කීපයක මුල් නිලධාරීන් වෙත පෙන්වීමට ගම්මුන් කටයුතු කරන ලදී.

මීට අමතරව පිටවල පතන මාර්ගයේ කෙටි පැති බැම්මක් ඉදිකිරීම සඳහා පිටවල පතනේ ඇති ගල් යොදා ඇති ආකාරය පිළිබඳවත් ගම්මුන් චෝදනා කරන ලදී.

පතනේ එක් පසක කොන්ක්‍රීට් මිශ්‍රණය කිරීමකින් පසුව එම මිශ්‍රණය සෝදා ගොස් පතන භූමියට සිදුව ඇති හානියද සුළු පටු නොවේ.

මෙම විරෝධතාවය නිරීක්ෂණය කිරීමට පොලිසිය, බුද්ධි අංශය ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් පැමිණ සිටි අතර උද්ඝෝෂණය අවසන් වීමෙන් පසුව වන විනාශයට එරෙහිව කරුණු ඉදිරිපත් කළ නිලධාරීන්ට තර්ජනාත්මක ස්වරූපයෙන් ආමන්ත්‍රණය කිරීමට එහි පැමිණ සිටි ඉහල නිලධාරීන් පිරිසක් කටයුතු කිරීම ඉතා කනගාටුදායක තත්ත්වයකි.

අත්තිඩිය අභය භූමියේ අක්කර දහයක් වනසයි

මේ අතර බෙල්ලන්විල අත්තිඩිය අභය භූමියේ අක්කර දහයකට ආසන්න වගුරු බිම් ගොඩකරමින් සිටින බව ජාතික භික්ෂු පෙරමුණ අනාවරණය කරයි.

මෙලෙස මෙම වගුරුබිම ගොඩකරනු ලබන්නේ ශ්‍රි ලංකා ඉඩම් ගොඩ කිරිමේ හා සංවර්ධනය කිරිමේ සංස්ථාව විසින් “මෙම ස්ථානයේ ගොඩකිරිම්, ඉදිකිරිම් හෝ සංවර්ධනය කිරීම සපුරා තහනම් වේ” යනුවෙන් දැන්වීමක් යොදා ඇති පසුබිමකය.

මෙහි ගොඩකිරීම් සිදුකරන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇති අතර ඉන් පසුවද අදාළ ගොඩකිරීම් සිදුකෙරෙමින් පවතී.

යෝධ ඇල රක්ෂිතයේ කුඹුක් සංහාරය ගැන ප්‍රාදේශීය සභා සභාපති මොකුත්ම දන්නේ නැතිලු!

එසේම ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කෝඳුරුවාව ප්‍රදේශයේ යෝධ ඇල රක්ෂිතයේ වසර 150ක් 200ක් පමණ පැරණි දැවැන්ත කුඹුක් ගස් විශාල ප්‍රමාණයක් කපා දමා ඇතැයි ප්‍රදේශවාසීහු චෝදනා කරති.

මෙම වන සංහාරය සිදුකර ඇත්තේ මොරගහකන්න ජලාශ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ඉහළ ඇලහැර ව්‍යාපෘතිය සඳහා යන්ත්‍ර සූත්‍ර රැගෙනයාමට නව මාර්ගයක් සහ පාලමක් ඉදිරිකිරීමට යැයි සඳහන් කරමිනි.

වෙලන්, මොර, කොන්, කුඹුක් ඇතුළු වටිනා ගස් රැසක් කපා දමා තිබේ.

ඇලහැර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පවසන්නේ මෙවැනි දැවැන්ත වන විනාශයක් සිදුකරන තුරු තමන් කිසිවක් දැන සිටියේ නැතැයි ඇලහැර ප්‍රාදේශීය සභාවේ සභාපති ජානක නලීන් කුමාර සඳහන් කරයි.

එහෙත් එම ප්‍රකාශය පිළිත නොහැකි බවත් එම ප්‍රකාශය මෙම වන විනාශයට එල්ලවී ඇති ජනතා විරෝධය හේතුවෙන් තමන්ගේ ගැලවීමට සිදුකරන ප්‍රකාශයක් බවත් ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

Related news

වින්දිතයන්, කනස්සල්ලෙන් – උසාවිය නිහඩයි

newsediror

කොවිඩ් අනතුරු ඇඟවීමක්: ICU ඇතුළත් වීම් ඉහළට

administrator

පළාත් සභා ජන්දය ගැන ඉන්දියාව යළි මතක් කරයි: බැසිල්ට දිනුමකුත්!

administrator

රාහුල් ගාන්ධිටත් කොවිඩ්

administrator

ෆේස්බුක් පලකිරීම් පාලනයට නීති එයි: සහල් මිල පාලනය කල් යයි

administrator

සහල් මිල පාලනය කරන්න බැරි ජනාධිපති නිසා බව බන්දුල කියයි

administrator