fbpx
Info Sri Lanka | www.infosrilanka.lk

සිංහරාජ ඉඩමට අවසර නෑ: භාග්‍යාගේ කතාවට අමරවීරගෙන් තල්ලුවක්!

සිංහරාජය ආශ්‍රිත ඉඩමේ ගස් ඉවත් කිරීම සඳහා පරිසර අංශ මගින් අවසර ඉල්ලා නැති බව පරිසර ඇමැති මහින්ද අමරවීර පවසයි. ඒ අනුව පරිසර පනතට පටහැනිව එම ඉඩමේ කටයුතු කර ඇත්නම් නඩු පැවැරීමට ක්‍රියාකරන බවද ඇමැතිවරයා කීය.

පරිසර අමාත්‍යාංශයේදී ඊයේ (17 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව කීවේය.

අදාළ ඉඩම සම්බන්ධව සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස තමා නිලධාරීන්ට දැනුම් දුන් බවත් පරිසර හානිය පිළිබඳ හෙළිදරව් කළ දැරිය බියකරමින් ප්‍රශ්න කිරීම තමා අනුමත නොකරන බවත් ඇමැතිවරයා කීවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා.

“සිංහරාජයට අදාළ එම ප්‍රදේශයේ සියලුම නිලධාරීන් ඉකුත් සතියේදී පරිසර අමාත්‍යාංශයට කැඳවනු ලැබුවා. මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරු මෙම රැස්වීමට සහභාගි වූවා. මෙම සිද්ධිය පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් වෙන වෙනම ලබාදෙන ලෙස නිලධාරීන්ට දැනුම් දුන්නා. මෙම ඉදිකිරීම ගැන අපි සාකච්ඡා කළා.මෙය පෞද්ගලික ඉඩමක හෝටලයක් ඉදිකිරීම සඳහා අනුමැතියක් ලබාගෙන නොමැති බවත් එහිදී අනාවරණය වුණා.

පෞද්ගලික ඉඩමක් නම් ඒ පිළිබඳව තොරතුරු සපයන ලෙස මම නිලධාරීන්ට දැනුම් දුන්නා. අපි එම සමස්ත භූමි ප්‍රදේශයම නැවත සිංහරාජයට එකතු කරන්න පුළුවන්ද කියලා නිර්දේශ ලබා දෙන්න කියලා නිලධාරීන්ට දැනුවත් කරනු ලැබුවා. ඉදිරි දින කීපය තුළදී මෙම වාර්තාව ලැබීමට නියමිතයි. මෙම භූමිය සිංහරාජයෙන් පරිභාහිර ප්‍රදේශයක් බවයි නිලධාරීන් දැනුම් දුන්නේ.

ළමයෙක් පස්සේ යෑම මම අනුමත කරන්නේ නෑ. ඒ සඳහා මම නිලධාරීන්ට ඉඩ ලබාදෙන්නෙත් නෑ. සෑම කෙනෙක්ම පරිසරයට ආදරය කිරීම හොඳ දෙයක්. එම දැරිය භය කරමින් ප්‍රශ්න කිරීම නොකළ යුතුයි.

හෝටල් ඉදිකිරීම හෝ එය නතර කිරීමේ බලධාරියා වන්නේ පරිසර අමාත්‍යාංශය නොවෙයි. නිවාස ඒකක තුනක් මෙහි ඉදිකරන බවටයි නිලධාරීන් දැනුවත් වී සිටින්නේ. එහිදී අපේ අනුමැතිය ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නෑ. ලොකු ඉඩමක ගස් ඉවත් කරනවා නම් තමයි අපේ අවසරය ගත යුත්තේ. නමුත් මෙහිදී අපේ අවසරය ඉල්ලලාත් නෑ. අපේ අවසරය දීලාත් නෑ. මේ භූමිය හෙක්ටයාර් හයකට වැඩි නම්, ඒ ආකාරයෙන් ගස් ඉවත් කිරීමක් සිදුවී තිබෙනවා නම් පරිසර පනතට අනුව නඩු පැවරීමට කටයුතු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා”.

[සාලිය කුමාර ගුණසේකර]

Related news

වින්දිතයන්, කනස්සල්ලෙන් – උසාවිය නිහඩයි

newsediror

කොවිඩ් අනතුරු ඇඟවීමක්: ICU ඇතුළත් වීම් ඉහළට

administrator

පළාත් සභා ජන්දය ගැන ඉන්දියාව යළි මතක් කරයි: බැසිල්ට දිනුමකුත්!

administrator

රාහුල් ගාන්ධිටත් කොවිඩ්

administrator

ෆේස්බුක් පලකිරීම් පාලනයට නීති එයි: සහල් මිල පාලනය කල් යයි

administrator

සහල් මිල පාලනය කරන්න බැරි ජනාධිපති නිසා බව බන්දුල කියයි

administrator