fbpx
Info Sri Lanka | www.infosrilanka.lk

අල්ලස් කොමිසම අකුලා නඩුව ගනියි: නයා ගහපු නඩුවෙන් රෝහිත නිදහස්

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනට එරෙහි අල්ලස් කොමිසම පවරා තිබූ නඩුවේ චෝදනාවලින් ඔහු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (19) නියෝග කර තිබේ.

ඔහු මෙලෙස නිදහස් කර ඇත්තේ ඇමැතිවරයකු ලෙස කටයුතු කළ වසර හතරක කාලයේ රුපියල් කෝටි හතරකට අධික මුදල් හා දේපොළ සොයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් නොවීම මත අල්ලස් කොමිසම විසින් ඔහුට එරෙහිව පවරා තිබූ නඩුවෙනි.

ඒ විත්තිකරුට එරෙහි මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන නොයන බවට අල්ලස් කොමිසම කළ දැනුම් දීම අධිකරණය පිළිගැනීම හේතුවෙනි.

ඉකුත් 2010 – 2014 අතර කාලයේ අමාත්‍යවරයකු ලෙස සේවය කරමින් සිටියදී සිය වත්කම් හා දේපළවලින් උපයාගත නොහැකි වූ රුපියල් ලක්ෂ 412ක මුදල් හා දෙපොළවලට හිමිකරුව සිටි බවට අල්ලස් කොමිසම විසින් ඔහුට විරුද්ධව චෝදනා නඟා තිබිණි.

මේ පිළිබඳව අල්ලස් කොමිසමේ විමර්ශනය පැවති කාලයේ එම කොමිසමට රෝහිත අබේගුණවර්ධන ඇමතිවරයා කැඳවූ අවස්ථාවේ ඔහු ඊට සහභාගී නොවී නාගයෙක් දෂ්ඨ කළේ යැයි සඳහන් කරමින් රෝහල් ගතව සිටියේය.

Related news

වින්දිතයන්, කනස්සල්ලෙන් – උසාවිය නිහඩයි

newsediror

කොවිඩ් අනතුරු ඇඟවීමක්: ICU ඇතුළත් වීම් ඉහළට

administrator

පළාත් සභා ජන්දය ගැන ඉන්දියාව යළි මතක් කරයි: බැසිල්ට දිනුමකුත්!

administrator

රාහුල් ගාන්ධිටත් කොවිඩ්

administrator

ෆේස්බුක් පලකිරීම් පාලනයට නීති එයි: සහල් මිල පාලනය කල් යයි

administrator

සහල් මිල පාලනය කරන්න බැරි ජනාධිපති නිසා බව බන්දුල කියයි

administrator