fbpx
Info Sri Lanka | www.infosrilanka.lk

ජනාධිපති ළමා චිත්‍රවලටත් බිය වෙයි: වන විනාශයට එරෙහි චිත්‍රය ඉවත් කරයි

ජනාධිපති කාර්යාලය විසින් නිකුත් කරන ලද උපදෙස් අනුව, කොළඹ මහ නගර සභාවේ කම්කරුවන් විසින් නෙළුම් පොකුණ අසල විහාර මහා දේවි උද්‍යානයේ සවිකර තිබූ දැවැන්ත බිතුසිතුවමක් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

අඩි 70×20 ක් පමණ උසැති මෙම බිතුසිතුවම සොබාදහම සුරැකීමේ සංගමයේ තරුණ අංශයට අයත් පිරිසක් විසින් සවි කරන ලද අතර අලි මැරීම, වනාන්තර විනාශ කිරීම වැනි ශ්‍රී ලංකාවේ සිදුවන පරිසර හිතකාමීත්වයට එරෙහිව සිදුකරන ක්‍රියාවලට විරෝධය පළකිරීමට අද (19) සවස 4 ට සංවිධානය කර තිබූ දැවැන්ත විරෝධතාවයට සමගාමීව සිදුකරන ලද්දකි.

කොළඹ මහ නගර සභාවේ සහ පොලිසියේ අනුමැතිය ලබා ගැනීමෙන් පසු ඊයේ (18) රාත්‍රියේ මෙම බිතුසිතුවම් සකස් කර ඇති බව සංවිධායකයෝ පැවසීය. චිත්‍රය ජනාධිපකි කාර්යාලයේ නියෝග උඩ ඉවත් කරන ලදැයි මෙහි සංවිධායකයින් මෙන්ම ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබේ.

මෙම චිත්‍රය මෙම ස්ථානයේ ප්‍රදර්ශනය කිරීමට කොළඹ නගර සභාවෙන් නිල අවසරයද ලබාගෙන තිබී ඇත.

මෙම චිත්‍රය අදින ලද්දේ පරිසර හිතකාමී දරුවන් කණ්ඩායමක් විසිනි. අද දින සවස 4ට පැවැත්වෙන පරිසර සුරැකීමේ ෑද්ඝෝෂනය වෙනුවෙන් මෙම සකස් කරන ලද්දේ wildlife nature protection society විසිනි.

චිත්‍රය බිමට දමා පොලිසිය එය ගෙන යෑමට උත්සාහ කළ මොහොතේ ළමයින් චිත්‍රය මත වාඩිවී කිසිත් නොකියා නිහඬතාවයෙන් යුක්තව එය ගෙන යාම වැලැක්වීමට උත්සාහ ගත්තේය.

Related news

වින්දිතයන්, කනස්සල්ලෙන් – උසාවිය නිහඩයි

newsediror

කොවිඩ් අනතුරු ඇඟවීමක්: ICU ඇතුළත් වීම් ඉහළට

administrator

පළාත් සභා ජන්දය ගැන ඉන්දියාව යළි මතක් කරයි: බැසිල්ට දිනුමකුත්!

administrator

රාහුල් ගාන්ධිටත් කොවිඩ්

administrator

ෆේස්බුක් පලකිරීම් පාලනයට නීති එයි: සහල් මිල පාලනය කල් යයි

administrator

සහල් මිල පාලනය කරන්න බැරි ජනාධිපති නිසා බව බන්දුල කියයි

administrator