කෑගල්ල දිස්ත්‍රික්කයේ දෝතුලුව රක්ෂිතයට අයත් අක්කර 1000ක පමණ විශාල ප්‍රමාණයක් ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරිකයෙකු විසින් ඩෝසර් යොදා එළි පෙහෙළි කර තිබේ.
කෑගල්ල දිස්ත්‍රික්කයට හා මහනුවර දිස්ත්‍රික්කයට අයිති යටියන්තොට, කිතුල්ගල, නාවලපිටිය ප්‍රදේශවලින් වටවූ ජෛව විවිධත්වයෙන් සපිරි ඉතාමත් සුන්දර පරිසර පද්ධතියක් වූ මෙය කඳුකර කොටීන් විශාල පිරිසකගේ වාස භූමියක්ද වෙයි.
මේ වනවිට වර්තමාන ආණ්ඩුවට සම්බන්ධ ව්‍යාපාරිකයකු විසින් මෙහි සෝතු වත්ත ප්‍රදේශයෙහි සුළං කපොල්ල ස්ථානයෙහි හෝටලයක් ඉදි කිරීම සදහා කැලය එළි කර ඉදිකිරීම් ආරම්භ කර ඇත. මෙම ඉදිකිරීම් සිදු කරනු ලබන්නේ වනජීවී දෙපාර්තමේන්තුවට සහ වනආරක්ෂක දෙපාර්තමේන්තුවට අයිති රක්ෂිතයේ එක් කෙළවරකය.