fbpx
Info Sri Lanka | www.infosrilanka.lk

කැබිනට්ටුව විමල්-ගම්මන්පිල ගණන් නොගනී: පත්‍රිකාව සම්මතයි

සියලු අමාත්‍යාංශවලින් ඉදිරිපත් කරන ව්‍යාපෘති මහා භාණ්ඩාගාර ලේකම් යටතේ පවතින කමිටුවකින් කළමනාකරණය කළ යුතු බවට ඉදිරිපත් කොට තිබූ කැබිනට් පත්‍රිකාවට විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරු දැක්වූ විරෝධතාවය නොතකා සම්මත කරගෙන ඇති බව වාර්තා වේ.

එම කැබිනට් පත්‍රිකාවට අනුව සෑම අමාත්‍යාංශයකම ව්‍යාපෘති අනුමත කිරීම හා ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සඳහා මෙම කමිටුවේ අනුමැතිය ලැබිය යුතු වුවත් විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් සිය විරෝධය දක්වමින් සඳහන් කර තිබෙන්නේ ඉන් ඇමතිවරුන්ට සිය අමාත්‍යාංශවල ව්‍යාපෘති සම්බන්ධයෙන් සිය අභිමතය පරිදි කටයුතු කිරීම අහිමි වන බවය.

මේ ඇමති දෙපළගේ විරෝධය මත ආයෝජන මණ්ඩල ව්‍යාපෘති ගැන පමණක් මෙම කමිටුවෙන් තීරණ ගැනීමට එකඟ වී තිබේ.

එක් කැබිනට් මණ්ඩල රැස්වීමක ඉදිරිපත් වන කැබිනට් පත්‍රිකා සාකච්ඡා කිරීමෙන් පසු ඒවා අනුමත කිරීම සිදුවන්නේ ඊලග කැබිනට් මණ්ඩල රැස්වීමේදී වීම සාමාන්‍ය සම්ප්‍රදාය වන අතර ඒ අනුව එම කැබිනට් මණ්ඩල රැස්වීම පවත්වා තිබෙන්නේ මාර්තු 2 වැනිදා ය.

එදින කැබිනට් මණ්ඩල රැස්වීමට විමල් වීරවංශ අමාත්‍යවරයා සහභාගී වී නොමැති අතර ගම්මන්පිල අමාත්‍යවරයාද කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත් වූ කාර්යාලයෙන් මදකට ඉවතට ගොස් ඇති අවස්ථාවේ හදිසි යෝජනාවක් ලෙස මෙහි මුල් යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට ඇති අතර සංශෝධනවලින් තොරවම එය සම්මත වී තිබේ.

ඒ අනුව සියළු අමාත්‍යාංශ වලින් ඉදිරිපත් කරන සංවර්ධන ව්‍යාපෘති සඳහා මහා භාණ්ඩාගාරය යටතේ පවතින කමිටුවේ අනුමැතිය ලබා ගත යුතුව තිබේ.

Related news

වින්දිතයන්, කනස්සල්ලෙන් – උසාවිය නිහඩයි

newsediror

කොවිඩ් අනතුරු ඇඟවීමක්: ICU ඇතුළත් වීම් ඉහළට

administrator

පළාත් සභා ජන්දය ගැන ඉන්දියාව යළි මතක් කරයි: බැසිල්ට දිනුමකුත්!

administrator

රාහුල් ගාන්ධිටත් කොවිඩ්

administrator

ෆේස්බුක් පලකිරීම් පාලනයට නීති එයි: සහල් මිල පාලනය කල් යයි

administrator

සහල් මිල පාලනය කරන්න බැරි ජනාධිපති නිසා බව බන්දුල කියයි

administrator