fbpx
Info Sri Lanka | www.infosrilanka.lk

පළාත් සභා ඡන්දය ගෙන්ගෙට ගිහින් පරද්දනවා – මුරුත්තෙට්ටුවේ හිමි අනතුරු හඟවයි

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට රජය ගෙන ඇති තීරණයට මහා සංඝරත්න ලෙස සිය දැඩි විරෝධය පළකරන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.

“මේ ආණ්ඩුවෙ දිනුවෙ මහා සංඝරත්නය එකාමෙන් සම්බන්ධ වෙලා. පළාත් සභා අපට එපා කියන සංකල්පය අපි දිගටම ගෙනියන්න සූදානම් වෙනවා.

ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාගෙ සෞභාග්‍යයේ දැක්මට පළාත් සභාවෙන් ප්‍රයෝජනයක් නෑ. පළාත් සභා ඉවත් කරලා පළාත් පාලන ආයතන සංවර්ධනය කළොත් ඒ ප්‍රයෝජනය ගන්න පුළුවන්. කොරෝනාවෙන් ආර්ථිකය වැටුණා, පළාත් සභාවෙන් තවත් වැටෙනවා මිසක් ගොඩගන්න බෑ.

අපි දැඩි ලෙස මීට විරුද්ධව වැඩ කරනවා. දැනටම සංවිධානය වෙලා තියෙනවා පළාත් සභා ගෙනාවොත් ගෙන් ගෙට ගිහිල්ලා පළාත් සභා සටන අසාර්ථක කරන්නට” යනුවෙනුයි එහිමි සඳහන් කළේ

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ බව පැවසුවේ ඊයේ (18) නාරාහේන්පිට අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලයට පත්කිරීම උදෙසා ප්‍රබල කාර්යභාරයක් ඉටු කළ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, මේ වනවිට ආණ්ඩු පක්ෂයේ විමල් වීරවංශ මහතාගේ කණ්ඩායම නියෝජනය කරමින් සිටී.

Related news

වින්දිතයන්, කනස්සල්ලෙන් – උසාවිය නිහඩයි

newsediror

කොවිඩ් අනතුරු ඇඟවීමක්: ICU ඇතුළත් වීම් ඉහළට

administrator

පළාත් සභා ජන්දය ගැන ඉන්දියාව යළි මතක් කරයි: බැසිල්ට දිනුමකුත්!

administrator

රාහුල් ගාන්ධිටත් කොවිඩ්

administrator

ෆේස්බුක් පලකිරීම් පාලනයට නීති එයි: සහල් මිල පාලනය කල් යයි

administrator

සහල් මිල පාලනය කරන්න බැරි ජනාධිපති නිසා බව බන්දුල කියයි

administrator