fbpx
Info Sri Lanka | www.infosrilanka.lk

ලංකාවේ දූෂිතම ගංගාව කැලණි ගඟ: පරිසර පනතට නව වගන්ති 42ක්

මෙරට සමස්ත ගංගා පද්ධතිය ආශ්‍රිතව ගංගා ජලය අපිරිසුදු වීමට බලපාන මූලාශ්‍ර 10,300කට වැඩි ප්‍රමාණයක් පවතින බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

මෙරට පවතින ගංගා 103 ආශ්‍රිතව ගංගා ජලයේ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය හා මධ්‍යම පරිසර අධිකාරිය එක්ව කළ පුළුල් සමීක්ෂණයේසී හෙළි වී ඇත්තේ පරිසර සහතික නොමැතිව ඉදිකර තිබෙන කර්මාන්තශාලා හා නිවාසවල අපජලය ගංගාවලට මුදාහාරීම ඇතුළු අනීතික කටයුතු හේතුවෙන් ගංගා ජලය අපවිත්‍ර වන බවයි.

එම සමීක්ෂණයේදී මෙරය දූෂිතම ජලය පවතින ගංගාව ලෙස කැලණි ගඟ හඳුනාගෙන ඇත. කැලණි ගඟේ ස්ථාන 17කින් ලබාගත් ජල සාම්පල පරීක්ෂා කිරීමේදී හෙළිවී ඇත්තේ එම ජලයේ අඩංගු රසායනික සංඝටක වරින් වර වෙනස් වන බවයි.

එම ගංගාව අවට කර්මාන්තශාලා විශාල වශයෙන් ස්ථානගතව තිබීමත්, අධික ජනගහනය, ජනතාව කැළිකසළ හා අපද්‍රව්‍ය ගඟට මුසු කිරීමත් මෙයට ප්‍රධාන වශයෙන් බලපා ඇතැයි අමාත්‍යවරයා පවසයි.

පරිසර පනතට නව වගන්ති 42ක්

මේ අතර ජාතික පරිසර පනත වසර 20කට අධික කාලයක් කිසිඳු සංශෝධනයකට ලක්කර නැතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර තිබේ.

එසේම ජාතික පරිසර පනතට නව වගන්ති 42ක් ඇතුලත් කරමින් සංශෝධනය කිරීමටද පරිසර අමාත්‍යංශය තීරණය කර ඇත.

පාරිසරික සුරක්ෂිත තාව උදෙසා දැනට ක්‍රියාත්මක ජාතික පාරිසරික පනතේ බලතල ප්‍රමාණවත් නොවන බැවින් මෙම පියවර ගන්නා බව ඇමතිවරයා සඳහන් කරයි.

මේ දිනවල ඇතැම් පුද්ගලයින් විසින් විශාල පරිසර හානියක් රටතුළ සිදු කරමින් සිටින බවත් මාධ්‍ය තුළින් පළ වන කරුණු අසත්‍ය නොවන බවත් කී ඇමතිවරයා ප්‍රාදේශීය දේශපාලකයින්, ජාවාරම්කරුවන් මෙන්ම ඇතැම් නිලධාරින් ද මෙම පරිසර හානිය පසුපස සිටින බව නොරහසක් යැයි සඳහන් කර තිබේ.

Related news

වින්දිතයන්, කනස්සල්ලෙන් – උසාවිය නිහඩයි

newsediror

කොවිඩ් අනතුරු ඇඟවීමක්: ICU ඇතුළත් වීම් ඉහළට

administrator

පළාත් සභා ජන්දය ගැන ඉන්දියාව යළි මතක් කරයි: බැසිල්ට දිනුමකුත්!

administrator

රාහුල් ගාන්ධිටත් කොවිඩ්

administrator

ෆේස්බුක් පලකිරීම් පාලනයට නීති එයි: සහල් මිල පාලනය කල් යයි

administrator

සහල් මිල පාලනය කරන්න බැරි ජනාධිපති නිසා බව බන්දුල කියයි

administrator