කොවිඩ්-19 එන්නත සහ මිත්‍යාව
කෝවිඩ් එන්නත සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සහ ජනතාව අතර සංසරණය වන විවිධ ව්‍යාජ ප්‍රකාශ හේතුවෙන් ඇතැම් පිරිස් එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව පෙනෙන්නට තිබේ. මෙහි ඇත්ත තත්ත්වය කුමක් ද? මේ විමසුම ඒ ගැනයි.
‘වඳ’ භාවයට පත් වෙනවා ද?
වැදෑමහ වර්ධනය සඳහා අවශ්‍ය ප්‍රෝටීන එන්නතේ අඩංගු නිසා එයින් සරුභාවයට තර්ජන එල්ල වන බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ව්‍යාජ තොරතුරක් සංසරණය වේ. එම ප්‍රෝටීන ඇතුළුවීමත් වීමත් සමග ප්‍රතික්‍රියා දක්වන ශරීරය වැදෑමහට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරන බවට එම පුවත්වල වැඩිදුරටත් සඳහන් වේ.
මෙය අසත්‍යය තොරතුරකි. එන්නතෙහි ඇති ප්‍රෝටීන වැදෑමහ වර්ධනය සඳහා අවශ්‍ය ප්‍රෝටීනවලට යම් තරමක් සමාන වන නමුත් එය ශරීරය ව්‍යාකූල කිරීමට තරම් ප්‍රමාණවත් නොවේ.
එන්නත පුද්ගලයෙකුගේ සරුභාවයට බලපාන බවට “පිළිගත හැකි ජීව විද්‍යාත්මක යාන්ත්‍රණයක්” නොමැති අතර වෛරසයේ වඩාත් සුවිශේෂී කොටස් වටා එන්නත නිර්මාණය කර ඇත්තේ එය ශරීරයට ඇතුළු වූ පසු වෛරසය පමණක් හඳුනා ගැනීම තහවුරු කිරීම සඳහාය.
ලංකාවේ දැනට ලබාදෙන එන්නත ගැබ් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවන්ට ලබා නොදිය යුතු බවට වැරදි තොරතුරක් සමාජ ගත වෙමින් පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් පෙබරවාරි දහ වනදා නිකුත් කරන ලද නවතම දත්ත පදනම් වූ නිවේදනයට අනුව එන්නත්කරණය නිසා දරුවන් ලැබීමට බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවන් එය කල් දැමීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවට අවධාරණය කර සිටී.
දැනට ලැබී ඇති දත්ත අනුව ගර්භනී කාන්තාවන්, එම වයසේම පසුවන ගර්භනී නොවන කාන්තාවන්ට වඩා COVID සංකූලතාවලට මුහුණදීමේ වැඩි අවදානමක් ඇති බවට කරුණු ඉදිරිපත් වෙමින් පවතී. එසේම COVID රෝගය වැළඳුනහොත් එය නොමේරූ උපත් වලට ද හේතු වන බව පෙනී ගොස් ඇත.
මෙවැනි තත්වයක් යටතේ දී, ගැබ් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිනා කාන්තාවන් මෙවැනි දුර්මතවලට ගොදුරුව එන්නත්කරණයෙන් වැළකී සිටියහොත්, මව් වරුන්ගේ මෙන්ම ඉපදීමට සිටිනා දරුවන්ගේ ජීවිත වලටද ඇති COVID-19 අවදානම අවම කර ගැනීමට ඇති වටිනා අවස්ථාව නිරපරාදේ ගිලිහී යයි.
එන්නත මගින් corona වෛරසය ශරීර ගත කරනවද?
මේ සඳහා සරලම උත්තරය තමා නැහැ කියන එක!
මෙහිදී සිදු කරන්නේ, ප්‍රතිශක්තීකරන පද්ධතිය අනාගතයේ දිනක වෛරසය ශරීර ගත වුවහොත් එය පහසුවෙන් හඳුනාගෙන විනාශ කිරීමට ඇති හැකියාව වර්ධනය කරවීමයි. COVID19 වෛරසය හඳුනා ගැනීමට ඇති වඩාත්ම සුදුසු ක්‍රමය එම වෛරසය මතුපිට ඇති, එයටම අවේනික වූ ප්‍රෝටීන කොටසක් (spike protein) මඟිනි.
මෙම එන්නත තුළ අන්තර්ගත වන්නේ ChAdOx1 නමැති වාහක වෛරස අණුවකි. මෙමගින් මිනිසුන් තුළ කිසිම රෝගී තත්ත්වයක් ඇතිකල නොහැකි අතර, මෙහි අන්තර්ගත DNA කොටසක් මගින් ලබාදෙන සංඥාවකට අනුව කොරෝනා වෛරසය හඳුනා ගැනීමට අදාළ ප්‍රෝටීන කොටස අප ශරීරය තුළම නිර්මාණය වේ. ඒත් සමගම ක්‍රියාත්මක වන අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් මෙම Spike protein කොටස හඳුනා ගැනීමටත් විනාශ කිරීමටත් පටන් ගැනෙනවා. මෙසේ ප්‍රෝටීන කොටස නිශේධනය කිරීම සිදු කරනු ලබන්නේ අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් spike ප්‍රෝටිනයට එරෙහිව අලුතින් නිපදවූ විශේෂිත ප්‍රතිදේහ මඟින්. මෙය නියමාකාරව සිදු වීමට සති දෙකක, තුනක පමණ කාලයක් ගතවනවා. මේ සඳහා දෙවන එන්නත් මාත්‍රාවක්ද ලබා දීමෙන් පසු මෙම ක්‍රියාවලිය යළිත් වරක් ක්‍රියාත්මකවී, ප්‍රතිදේහ විශාල ප්‍රමාණයක් අපගේ ශරීර තුළ නිර්මාණය වනවා. මෙය ශරීරය තුළ කොරෝනා වෛරසයට එරෙහිව ආයුධ ගබඩාවක් සකස් කර තැබීම වැනි ය.
සරලව කිව්වොත් මෙම ක්‍රියාවලිය අපගේ ශරීරයේ ඇති ප්‍රතිශක්තිකරණ පද්ධතිය සහ වෛරසයට සමාන ව්‍යුහමය කොටසක් අතර ඇතිවන කුඩා සටනක ස්වරූපයක් ගනී. අප බොහෝ දෙනෙක් අසා ඇති එන්නත්කරනයෙන් පසු ඇතිවන සුළු අතුරු ආබාධ වලට හේතුව වන්නේද මෙයයි. එම නිසා ඔබ ශරීරය තුල සිදුවන ප්‍රතිදේහ ජනනය කිරීමේ ක්‍රියාවලිය අසුබදායක දෙයක් ලෙස නොදැක එය එම ක්‍රියාවලියේ වැදගත් අංගයක් ලෙස හඳුනා ගැනීම ඉතා වැදගත් වේ.
මේ විදියට එන්නත් කරනයට ලක් වුනු කෙනෙකුට, අනාගතයේ දිනයක කොරෝනා වෛරසය ශරීර ගත වුවහොත්, වෛරසයට එරෙහිව ප්‍රතිදේහ තමාගේ ශරීරය තුල දැනටමත් පවතින නිසා, මෙම ප්‍රතිදේහ මගින් කොරෝනා වෛරසය මතුපිට ඇති spike ප්‍රෝටීනය ඉතා ඉක්මනින් හඳුනාගෙන මුළු වෛරසයම ඉතා ඉක්මනින් සහ පහසුවෙන් විනාශ කර දමයි.
වැඩිහිටි අයට සහ බෝ නොවන රෝගවලින් පෙළෙන අයට එන්නත ලබා දීම සුදුසු ද?
ඔව්!
අප මීට දින කිහිපයකට පෙර දැනුවත් කළ පරිදි ලංකාව තුළ දැනට ලබාදෙන AstraZeneca එන්නත මගින් කිසිම ආකාරයකින් කොරෝනා වෛරසය ශරීර ගත කිරීමක් සිදුවන්නේ නැහැ. මෙමගින් සිදු කරන්නේ වෛරසයට එරෙහිව අපගේ ශරීරය තුළ ප්‍රතිදේහ ජනනය කිරීමට අවශ්‍ය ක්‍රියාවලිය සක්‍රීය කරවීම පමණයි.
මෙම එන්නත දියවැඩියාව, හෘද රෝග, අධික රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග වලින් පෙළෙන අයට සහ වයසින් වැඩි අයට වුවත් ලබා දීමට ඉතා සුදුසු එන්නතක් බවට පර්යේෂණ මගින් තහවුරු වී ඇත. කොරෝනා ආසාදනය මගින් සංකූලතා ඇති වීමටද වැඩි අවදානමක් දරන්නේ අප ඉහත පැවසූ පුද්ගල කාණ්ඩයන්ටයි.
එමනිසා අපගේ වැඩිහිටි අය සහ බෝ නොවන රෝග වලින් පෙළෙන අය කොරෝනා රෝගයෙන් ආරක්ෂාවීමට ලබාදෙන මෙම එන්නත ලබා ගැනීමට අවස්ථාවක් ලැබුණු වහාම ඒ සඳහා යොමුවීම ඉතා වැදගත් වේ!
ඔබ සන්නද්ධ වුනු මෙම නව දැනුම තවත් අය සමඟ බෙදාගෙන කොවිඩ් වසංගතය මෙරටින් තුරන් කිරීමේ කර්තව්‍යයේ කොටස්කරුවෙකු වන්න.