ශ්‍රී ලංකාවේ බටහිර පර්යන්තය ලබා ගත් ඉන්දියාවේ අදානි සමාගම ජාත්‍යන්තර වර්ගීකරණ ආයතනයක් වන එස්. ඇන්ඩ් පී. වර්ගීකරණයේ තිරසාර සංවර්ධනය පිළිබද වර්ගීකරණයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
ඊට හේතුව වී ඇත්තේ ජාත්‍යන්තරය විසින් පිළිනොගත් මියන්මාර හමුදා රජය සමග ඉන්දියාවේ අදානි සමාගම සම්බන්ධතා පැවැත්වීමය.
ඒ අනුව අද (15) දින සිට අදානි සමාගම එම වර්ගීකරණයෙන් ඉවත් කොට ඇත.
සාමාන්‍යයෙන් එස්. ඇන්ඩ් පී. වර්ගීකරණයේ සමාගම් ඇතුළත් කිරීමේදී මානව හිමිකම් සුරැකීම, අවිආයුධවලින් තොර සමාගමක් වීම ආදී නිර්ණායක සලකා බලනු ලැබේ.
නමුත් පසුගිය දිනක අදානි සමාගම මියන්මාරයේ රැන්ගුන් වරාය සංවර්ධනය කිරීම සදහා ඩොලර් මිලියන 290ක ගිවිසුමකට අස්සන් තබා තිබිණ.