කාටූන් බැලීමට ළමෝ ප්‍රියකරති. ඉන් ලැබෙන වින්දනය, දැනුම මෙන්ම වැයෙන ගී ඛාණ්ඩද ළමා ඥාන පද්ධතිය පෝෂණය කරයි. එසේම, ඇතැම් කාටූන්වලින් නොදැනුවත්වම අහිතකර බලපෑම්ද එල්ල කරයි. ලෝකයේ විවිධ රටවල් මේ වනවිට විවිධ කාටූන් වර්ග විකාශනය තහනම් කර තිබේ.
- Winnie the Pooh
විනී ද පූ කාටූනය චීනය තහනම් කරන ලදී. එම කාටූනයේ ප්‍රධාන චරිතය වූ පූ නම් වලසා, චීන ජනාධිපති වූ ෂී ජින්පින් මහතා හා සමාන යැයි අර්ථ දක්වමින් මෙම තීරණය ගෙන තිබුණි. ජනපතිවරයාගේ සහ පූගේ රූ එකිනෙක තුලනය කිරීම්වලින් මෙය ආරම්භ වූ අතර, චීන වැසියන් පැවසුවේ එම දෙදෙනාගේ ලක්ෂණ ද සමාන වන බවයි. - Peppa Pig
මෙය ඕස්ට්‍රේලියාවේ තහනම් කරන ලදී. ගුරුවරුන් සහ ළමුන් විස සහිත කෘමීන්ගෙන් වන හානිය ගැන බියපත් නොවීම වැනි කරුණු මෙහි ඇතුළත් වී ඇති බවද, කෘමීන් හා මිත්‍රශීලීවන්නට කියාදෙන බවද පැවසේ. එහෙත් ඕස්ට්‍රේලියාවේ 10,000 කට අධික කෘමි විශේෂ සිටින බවද, ඇතැම් කෘමීන් විෂ සහිත බවද පැවසෙන නිසා ළමුන් ඒ කෙරෙහි යොමුවිය හැකි බවද සලකා මෙම කාටූනය තහනම් කර තිබේ. - Pokemon
ජපානය, තුර්කිය සහ අරාබියේ මෙම කාටූනය තහනම් කර තිබේ. මෙම කාටූනයෙන් විහිදුවන විශාල වර්ණ ධාරාව දීප්තිමත් නිල් පැහැයත්, රතු පැහැයත් හර්ට්ස් 12 ක පමණ සංඛ්‍යාතයක් දරන බව තහවුරු වී ඇත. කාටූනය නැරඹූ ළමුන් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබිණි. ඔවුන්ට අර්ධ වශයෙන් දෑස් නොපෙනීම, කම්පනය, සවිඥානිකත්වය නැතිව යාම ආදී සෞඛ්‍ය ගැටලු මතුවීම හේතුවෙන් ළමුන් 600 කට වඩා සංඛ්‍යාවක් රෝහල් ගත කෙරිණි. - SpongeBob
රුසියාව, ඇමෙරිකාව, යුරෝපය, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් 120ක් මෙය තහනම් කර තිබේ. හිංසනය සහ දූෂිත වදන් භාවිතය මීට හේතුවී ඇත. එවැනි වදන් භාවිතකිරීම හේතුවෙන් එම චරිතවලට දඬුවම් පැමිණවීමක් ද සිදුනොවීම බරපතලය. - TaleSpin
ආසියානු රටවල පවතින නීතිය කඩකිරීම, ඉතිහාසය සම්බන්ධයෙන් වැරදි අර්ථකථන ඉදිරිපත් කිරීම ආදී කරුණු හේතුවෙන් ජපානය සහ ඇමෙරිකාවේ මෙය තහනම් කරන ලදී. නීතිය නොසැලකීම නිදහසට කරුණක් නොවේය යන අදහසට පටහැනි අදහසක් මතුකරවීමට තුඩු දෙන බෝම්බ සහිත දර්ශන මෙහි ඇතුළත්ය. - Tom and Jerry
දුම්පානය, මධ්‍යසාර භාවිතය, හිංසනය ආදි දෑ යෙදීම හේතුවෙන් ටොම් ඇන්ඩ් ජෙරී කාටුනයේ ඇතැම් දර්ශන, වාර, කතාංග ලොව පුරා තහනමට ලක්විය. වසර 50 ක් පුරා මෙය විකාශනය කිරීමේදී ඇතැම් දර්ශන ඉවත්කෙරිණි. නමුත් ජනතාව පවසන්නේ හිංසනයට විරුද්ධව දඬුවම් නොදීම යන කරුණ මෙම කාටූනය සම්බන්ධයෙන් ඇති ප්‍රධාන වරද බවයි. ටොම් නම් පූසා වැරදි වැඩ කිරීම වෙනුවෙන් දඬුවම් විඳින අතර ජෙරී නම් මීයා පූසාට සමච්චල් කිරීම නොනැවැත්වීමත්, ජෙරී යහපත් අයෙකු වීමත් ගැන කිසිදු විරෝධයක් ප්‍රේක්ෂකයාගෙන් මතු නොවේ. - The Simpsons
ඇමෙරිකාව, බ්‍රසීලය ඇතුළු රටවල් ගණනාවක මෙය තහනම් කරන ලදී. පවුලක වටිනාකම් අපකීර්තියට ලක්කිරීම, ප්‍රසිද්ධ පුද්ගලයන්ට නින්දා කිරීම, අයහපත් හැසිරීම් පෙන්වීම ආදිය හේතුවෙන් මෙය තහනම් කෙරිණි. - Beavis and Butt-Head
අයපහත් හැසිරීම් දනවන, ශාරීරිකව හානි වූ පුද්ගලයන් බියපත්කිරීම, විවිධ දෑ ගින්නෙන් දැවෙන ආකාරය අත්හදා බැලීම් ආදී කරුණු හේතුවෙන් මෙය ලොව පුරා තහනම් කර තිබේ. මෙම කාටූනය නැරඹූ ඇමරිකාවේ අවුරුදු පහක දරුවකු, විනෝදාත්මක දෑ අත්හදාබැලීමට ගොස් සිය සොයුරියද සහිත නිවසට ගිනි තබා තිබී ඇතැයි වාර්තා විය. - Looney Tunes
මධ්‍යසාර පරිභෝජනය සම්බන්ධයෙන් වන කරුණු මත මෙම කාටූනය තහනමට ලක්විය. බියර් භාවිත කරන එහි ප්‍රධාන චරිතය හේතුවෙන් ළමුන්ට වැරදි ආදර්ශ සැපයෙන බව පිළිගන්නා ලදී. නමුත් මෙය සංයුක්ත තැටියට නැගිණි. - Gravity Falls
මෙම කාටූනයෙන් වැරදි පුරුදු සහ අශ්ශීල චර්යා පෙන්නුම් කිරීම හේතුවෙන් රුසියාව කහනම් කළේය. ඇතැම් දර්ශන මගහරින ලද අතර, මෙහි යෙදුණු ඇතැම් වදන් නැවත සැකසිණි. - The Adventures of Lolo the Penguin
නරඹන්නාගේ මනස ශෝකාන්තමයක් කරන කතා සහිත මෙම කාටූනය ඇමෙරිකාව තහනම් කළේය. අශෝභව දුක්ඛ දර්ශන, චරිතවල ඇතැම් හැසිරීම් ඉවත් කරන ලදී. - Cartoons where Donald Duck appears
ෆින්ලන්තයේදී තහනමට ලක්වූ මෙම කාටූනය අශ්ශීල කාමෝද්දීපන දර්ශන, සදාචාරයට තර්ජන කිරීම, මුදලට ගිජුවීම සහ වැරදි මත සමාජගත කර තිබිණි. මෙම කාටූනයේ සියලු චරිත තහනම් කෙරිණි. - Shrek 2
ලෝකප්‍රකට සිනමාපටයක් බවට පත් වූ මෙම කාටූනය ඊස්රායලයේදී තහනමට ලක්විය. ලිංගිකමය ඉඟි සැපයීම, ශාරීරික අවයව විහිලුවට ලක්කරන ප්‍රකාශ නිකුත් කිරීම සහ විශේෂ ප්‍රකට පුද්ගලයන්ට අපහාස කිරීම හේතුවෙන් මෙය තහනම් කෙරිණි. මෙවැනි දර්ශන වාරවල වදන් වෙනුවට සුප්‍රකට ඊශ්‍රායල ගායකයකුගේ ගීයක උච්ච ස්වරයකින් වැයෙන ඛාණ්ඩයක් යොදා තිබිණි.
(බ්‍රයිට් සයිඩ් ඇසුරිනි)
ඩිල්ෂානි චතුරිකා දාබරේ