සහල් මිල ඉහළ යාම පිළිබඳ ප්රශ්නය ලබන කන්නය වනවිට සම්පූර්ණයෙන්ම අවසන් කරන බව වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.
කෙසේ වෙතත් බන්දුල ගුණවර්ධන වෙළඳ අමාත්‍ය වරයා මීට පෙර එනම් පසුගිය කන්නයේ වී අස්වනු නෙලීමට ආසන්න සමයේ සඳහන් කර තිබුනේ එම කන්නයෙන් පසුව සහල් මිල පාලනය කරන බවය. සහල් මිල පාලනය සඳහා ගැසට් නිවේදනය ගණනාවක් නිකුත් කර තිබිණි. එක් ගැසට් නිවේදනයක් නිකුත් කළ පසුද සහල් මිලය පාලනය කළ නොහැකි වීමේදී වෙළඳ ඇමතිවරයා ප්‍රකාශ කර තිබුණේ මාස් කන්නයේ වී අස්වනු නෙලීමෙනස් පසුව පාලන මිලය සහල් ලබාදෙන බවය. එහෙත් පසුගිය අවුරුදු සමයේදී පවා සහල් මිල අධික ලෙස ඉහළ ගොස් තිබිණි.
එවැනි තත්වයක් තුළ වෙළඳ ඇමතිවරයා යළි පවසන්නේ මීලඟ කන්නයේ අස්වනු නෙලීමත් සමග සහල් මිල පාලනය කරන බවය. මේ වනවිට විශේෂයෙන් කීරි සම්බා සහල් මිල කිලෝ එකක් රුපියල් 200 දක්වා ඉහළ ගොස් තිබිණි. සම්බා සහල් කිලෝවක් රුපියල් 140 දක්වාද රතු කැකුළු රුපියල් 98ක් සුදු කැකුළු රුපියල් 96ක් වශයෙන් පාලන මිලක් නියම කළ තිබුණත් එම සහල් වර්ගද ඊට ඉහළ මිලයකට වෙළඳපොලේ අලෙවි කෙරේ.