fbpx
Info Sri Lanka | www.infosrilanka.lk

ෆේස්බුක් පලකිරීම් පාලනයට නීති එයි: සහල් මිල පාලනය කල් යයි

ෆේස්බුක් ඇතුළු අන්තර්ජාලය හරහා අසත්‍ය තොරතුරු හා නොමග යවන සුළු ප්‍රකාශ පැතිරවීම වැළැක්වීම සඳහා නව නීති හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.

ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස්දීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවකට අනුමැතිය හිමව ඇත.

අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (20) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

සහල් මිල පාලනය කන්නයෙන් කන්නයට කල් යයි

මේ අතර සහල් මිල ඉහළ යාම පිළිබඳ ප්‍රශ්නය ලබන කන්නය වනවිට සම්පූර්ණයෙන්ම අවසන් කරන බව වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

කෙසේ වෙතත් බන්දුල ගුණවර්ධන වෙළඳ අමාත්‍ය වරයා මීට පෙර එනම් පසුගිය කන්නයේ වී අස්වනු නෙලීමට ආසන්න සමයේ සඳහන් කර තිබුනේ එම කන්නයෙන් පසුව සහල් මිල පාලනය කරන බවය. සහල් මිල පාලනය සඳහා ගැසට් නිවේදනය ගණනාවක් නිකුත් කර තිබිණි. එක් ගැසට් නිවේදනයක් නිකුත් කළ පසුද සහල් මිලය පාලනය කළ නොහැකි වීමේදී වෙළඳ ඇමතිවරයා ප්‍රකාශ කර තිබුණේ මාස් කන්නයේ වී අස්වනු නෙලීමෙනස් පසුව පාලන මිලය සහල් ලබාදෙන බවය. එහෙත් පසුගිය අවුරුදු සමයේදී පවා සහල් මිල අධික ලෙස ඉහළ ගොස් තිබිණි.

එවැනි තත්වයක් තුළ වෙළඳ ඇමතිවරයා යළි පවසන්නේ මීලඟ කන්නයේ අස්වනු නෙලීමත් සමග සහල් මිල පාලනය කරන බවය. මේ වනවිට විශේෂයෙන් කීරි සම්බා සහල් මිල කිලෝ එකක් රුපියල් 200 දක්වා ඉහළ ගොස් තිබිණි. සම්බා සහල් කිලෝවක් රුපියල් 140 දක්වාද රතු කැකුළු රුපියල් 98ක් සුදු කැකුළු රුපියල් 96ක් වශයෙන් පාලන මිලක් නියම කළ තිබුණත් එම සහල් වර්ගද ඊට ඉහළ මිලයකට වෙළඳපොලේ අලෙවි කෙරේ.

Related news

ලංකාව කොරෝනා දැඩි අවධානමක!

administrator

වතුරේ සෙක්ස් කරන්න ආසයිද ? එහෙම​නන්, මේ ටිප්ස් ටික හිතට ගන්න එක වැදගත්

newsediror

ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වන කොවිඩ් ප්‍රභේදය හඳුනා ගැනේ

newsediror

ලොක්ඩවුන් කිරීමට කල යෝජනාව පිළිගත්තේ නැහැ, අපි ඉන්නෙ බරපතල අවදානමක

newsediror

කතා කරන්න ඕන තැන් වලදිත් කතා කරන්න බය වුනොත් හරියයිද ?

newsediror

නව කොවිඩ් ප්‍රභේදය වාතයෙනුත් පැතිරෙයි: සංචරණ සීමා අත්‍යාවශ්‍යයි

administrator