fbpx
Info Sri Lanka | www.infosrilanka.lk

පළාත් සභා ජන්දය ගැන ඉන්දියාව යළි මතක් කරයි: බැසිල්ට දිනුමකුත්!

ශ්‍රී ලංකාවේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මණින් පවත්වනු දැකීම ඉන්දියාවේ අපේක්ෂාව බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා තමිල්නාඩු ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. මන්ත්‍රීවරයෙකු වෙත ලිපියක් යොමු කරමින් සදහන් කොට ඇත.

මෙරට පළාත් සභා මැතිවරණය පැවැත්වීම ඇතුළු දේශපාලන අධිකාරියේ බලය බෙදා හැරීම සඳහා ලක් රජය කැප විය යුතු යැයි ජාත්‍යන්තර ප්‍රජාව කරන ඉල්ලීමට ඉන්දියාව සහය දක්වන බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා සිය ලිපිය මගින් අවධාරණය කොට තිබේ.

මෙරට ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අනුකූලව සියළු පළාත් සභා ක්‍රියාත්මක වීම සහතික කළ යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කොට ඇත.

ඉන්දියාවේ මෙම ස්ථාවරය ජිනිවා මානව හිමිකම් මණ්ඩලයේදී ද ඉදිරිපත් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

කොට්ඨාසයකට තුනයි

මේ අතර එළඹෙන පළාත් සභා මැතිවරණයේදී එක් කොට්ඨාසයකට එක පක්ෂයකින් අපේක්ෂකයන් තිදෙනකු ඉදිරිපත් කිරීමේ යෝජනාවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ එනම් “සෙසු පක්ෂ” ඇතුළුව එකඟතාවය පළ වී ඇති බව ආණ්ඩු හිතවාදී සමාජ මාධ්‍ය වෙබ් අඩවි වාර්තා කරයි.

ඊට අනුව අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම එකඟතාවය පළ කර ඇත.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී මිලාන් ජයතිලක විසින් එම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර සම්පත් අතුකෝරල මන්ත්‍රීවරයා එය ස්ථිර කර තිබේ.

මෙම හමුව සඳහා විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් ද සහභාගි වී තිබිණ.

මේ සම්බන්ධව අදහස් දක්වන දේශපාලන විචාරකයන් පවසන්නේ, පොදුජන පෙරමුණ තීන්දු හමුවේ එහි සහයක පක්ෂ සිය යටහත්පත් බව මේ හරහා ඔප්පු කර ඇති බවය.

කෙසේ වෙතත් මේ සම්බන්ධ තීරණාත්මක සාකච්ඡාවක් ඊයේ පෙරවරුවේ අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති නමුත් ඊට පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ විසින් ඊට පක්ෂ නායකයන් නොවන පනස් ගණනක පිරිසක් සහභාගී කිරීම හේතුවෙන් විමල්, බැසිල්, ගම්මන්පිල යන අමාත්‍යවරුන් එම සාකච්ඡාවෙන් බැහැරව තිබිණ.

Related news

ලංකාව කොරෝනා දැඩි අවධානමක!

administrator

වතුරේ සෙක්ස් කරන්න ආසයිද ? එහෙම​නන්, මේ ටිප්ස් ටික හිතට ගන්න එක වැදගත්

newsediror

ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වන කොවිඩ් ප්‍රභේදය හඳුනා ගැනේ

newsediror

ලොක්ඩවුන් කිරීමට කල යෝජනාව පිළිගත්තේ නැහැ, අපි ඉන්නෙ බරපතල අවදානමක

newsediror

කතා කරන්න ඕන තැන් වලදිත් කතා කරන්න බය වුනොත් හරියයිද ?

newsediror

නව කොවිඩ් ප්‍රභේදය වාතයෙනුත් පැතිරෙයි: සංචරණ සීමා අත්‍යාවශ්‍යයි

administrator