පුද්ගලයින් 269 දෙනෙකුට මරු කැදවූ පාස්කු ප්‍රහාරයේ දෙවර්ෂ පූර්ණය අදට යෙදී තිබේ. 2019 අප්‍රේල් 21 වනදා උදෑසන මෙරට කතෝලික දේවස්ථාන 3 කට සහ කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ හෝටල් 3 ක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 269 ක් මියගොස් 500 කට අධික පිරිසක් තුවාල ලැබීය.
එම ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන් සිහිපත් කරමින් අද උදෑසන 08.45 ට විනාඩි 02 ක නිහඬතාවයක නිරත වූ අතර ප්‍රධාන දේව මෙහෙය කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේදී පැවැත්විණ.
පාස්කු ප්‍රහාරයට වසර දෙකක් සපිරෙන අද දිනයේ කතෝලික දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි.
2019 අප්‍රේල් 21 වෙනිදා එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධවූවන්ට එරෙහිව මේ දක්වා නීතිමය පියවර ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් වින්දිතයන්, කතෝලික ප්‍රජාව ඇතුළු සමාජයේ විවිධ ස්ථරවල කනස්සල්ල පළවෙමින් තිබේ.
මේ අතර පාස්කු ප්‍රහාරයේ දෙවර්ෂ පූර්ණය සිහි කරමින් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් ද ඒ සදහා එක් විය.