fbpx
logo
Info Sri Lanka | www.infosrilanka.lk

කොළඹ, ගම්පහ සහ කුරුණෑගල: අධි අවදානම්

අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස කොළඹ, ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක ලෙස සැලකිය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

මෙම ඉහත දිස්ත්‍රික්කවලින් දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව දිනින් දින ඉහළ යමින් පවතින බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ වැඩිදුරටත් පැවසුවේ ” අපි අපේක්ෂා කළා යම් තරමක හෝ සංචරණ සීමා පනවයි කියලා. නමුත් එම තත්ත්වයක් මේ වන තුරු පෙනෙන්නට නෑ. ලංකාවේ මේ මොහොතේ තිබෙන තත්ත්වය ඉතාම අවදානම්. බස්නාහිර සහ වයඹ පළාතේ ඇතැම් ස්ථාන වගේම ලංකාවේ වෙනත් ප්‍රදේශවලත් කොවිඩ් පොකුරු වර්ධනය වෙමින් ආසාදිතයින් සීඝ්‍රයෙන් වාර්තා වෙමින් පවතිනවා. මේ සති අන්තයේ ඉතාමත් වගකීමෙන් කටයුතු කරන්න කියලා අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”
ඊයේ(23) මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 969 දෙනෙකු හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මෙම පිරිසෙන් ආසාදිතයින් 38 දෙනෙකු විදේශයන්හි සිටි පැමිණි පුද්ගලයින්ය. අනෙක් ආසාදිතයින් සියලු දෙනා මෙරටින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 99,691 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උත්සව පැවැත්විම සඳහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

පවතින අවදානම් තත්ත්වය නිසි ආකාරව හඳුනා ගනිමින් ඉතාමත් වගකීමෙන් කටයුතු කරන ලෙසට සියලුම ආගමික නායකයින්ගෙන් සහ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා සඳහන් කළේය.

Related news

‘වියත්මග’ සභාපතිකම නාමල්ට

administrator

කොවිඩ් අරමුදල ගැන ජනාධිපති මාධ්‍ය නිවේදනය මුසාවක්?

administrator

රනිල් සහ සජිත්ගේ ‘මානවම්ම දේශපාලනය’

administrator

අද රාත්‍රියේ සිට සංචරණ සීමා පැනවෙන ආකාරය මෙන්න

administrator

අසාමාන්‍ය කොටස් ගනුදෙනු නිසා කොටස් වෙලඳපොළ කැළඹෙයි

administrator

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ කණස්සල්ල

administrator