fbpx
logo
Info Sri Lanka | www.infosrilanka.lk

අනතුරු හැඟවීමයි: සති දෙකකින් පොල්තෙල් හිඟයක්!

තවත් සති දෙකකින් පමණ දිවයින තුළ පොල්තෙල් හිඟයක් ඇතිවනු ඇති බවට දිසිඳි පොල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති නියෝමාල් පෙරේරා මහතා පවසයි.

“ලංකාවේ සාමාන්‍යයෙන් මෙට්‍රික් ටොන් 20,000ක් පමණ පොල්තෙල් අවශ්‍යයයි සියලුම කර්මාන්ත යැපීමට. අද මේ වෙනකොට මෙට්‍රික් ටොන් 4000කට වැඩිය පොල්තෙල් නෑ. ඒ කියන්නෙ කිසිම දේකට තව සති දෙකකට වැඩිය පොල්තෙල් නෑ. පොල්තෙල් ගේන්න වෙන කිසිම වැඩපිළිවෙලකුත් නෑ,

මොකද ප්‍රායෝගිකව නැවක් අවශ්‍යයි ගෙන්නන්න. මැලේසියාව ඉන්දුනීසියාව වැනි රටවල්වලින් පොල්තෙල් ගෙන්නන්න වෙන්නෙ. ඒක ගේන්නත් මැයි මාසෙ 14, 15, 20 වගේ වෙනවා අරගෙන මේක බෙදාහරින්න කටයුතු කරනකොට. ඒ අර්බුදය නිසා පොල් මිලත් තව සති දෙකකින් ඉතාම ඉහළ මට්ටමකට යන්න පුළුවන්. ඒවගේම තෙල් නිෂ්පාදකයොත් ඉතාම ඉහළ මිලකට පොල්තෙල් ටික විකුණන්න කටයුතු කරනවා. ඒනිසා හදිසි තීරණ ගැනීම තුළින් තමයි අර්බුදයකට මේ රට පත්වෙලා තිබෙන්නෙ.

පොල් තෙල් ආශ්‍රිත නිෂ්පාදන අනිවාර්යයෙන්ම මිල ඉහළ යනවා පමණක් නෙවෙයි හිඟයක් ඇතිවෙනවා, නිෂ්පාදන නතර වෙනවා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (23) වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Related news

අද රාත්‍රියේ සිට සංචරණ සීමා පැනවෙන ආකාරය මෙන්න

administrator

අසාමාන්‍ය කොටස් ගනුදෙනු නිසා කොටස් වෙලඳපොළ කැළඹෙයි

administrator

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ කණස්සල්ල

administrator

කරලිය පෙරලන්න: බැසිල් රෝහණ රාජපක්ෂ එයි!

administrator

රනිල් – මහරාජා විරසකය අවසන් වන්නේ අලුත් දේශපාලන පෙරළියක් වෙනුවෙන් ද?

administrator

ආණ්ඩුව පොසොන් පෝය වෙනුවෙන් LTTE හිටපු හතක් හෙට නිදහස් කරයි

administrator