රට බරපතල අවදානමක පවතින බවත් සෞඛ්‍ය මාර්ගෝපදේශන හරි හැටි අනුගමනය නොකළහොත් අපි ඉන්දියාවේ වැනි තත්ත්වයකට පත්විය හැකි බව කොවිඩ් පාලන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සඳහන් කරයි.
ඉතිහාසයේ සිදුවූ වැරදීම් ගැන දැන් කතා නොකළ යුතු බව ද ඇය සඳහන් කරයි.
මේ වන විට මෙරට තත්ත්වය ඉතාම අවදානම් සහ බරපතළ බවද ඇමතිනිය පෙන්වා දෙයි.
දැඩි සත්කාර ඒකක සහ ඔක්සිජන් දැනට ශ්‍රී ලංකාවට ද ප්‍රශ්නයක් නොවනු ඇති බවද ඇය කියා සිටී.
රට ලොක්ඩවුන් කිරීමට කල යෝජනාව සාර්ථක නොවූ බව ද සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සඳහන් කර තිබේ.
යූටියුබ් නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී ඇය මේ බව පවසා ඇත.