fbpx
logo
Info Sri Lanka | www.infosrilanka.lk

ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වන කොවිඩ් ප්‍රභේදය හඳුනා ගැනේ

ශ්‍රී ලංකාව තුල මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින්නේ බ්‍රිතාන්‍යයෙන් හමුවූ B.1.1.7. නම් කොවිඩ් ප්‍රභේදය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

ඔහු පැවසුවේ, කොළඹ නගර සභා බලප්‍රදේශය, බොරලැස්ගමුව සහ කුරුණෑගල ප්‍රදේශවලින් හමුවූ කොවිඩ් ආසාදිතයින් ගෙන් ලබා ගත් සාම්පල් 43ක් යොදා සිදුකල ජානමය අනුක්‍රමණ පරීක්ෂණයෙන් මේ බව තහවුරු වූ බවයි.

මෙම බ්‍රිතාන්‍යය කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පළමු ආසාදිතයා ඉකුත් අප්‍රේල් මස 08 වෙනිදා බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි වැඩ බිමකින් හඳුනා ගැනුණු බවද ඔහු සඳහන් කර සිටියේය.

මෙම වෛරස ප්‍රභේදයෙන් වැඩි වශයෙන් බලපෑම් එල්ල කරනු ලබන්නේ තරුණ පිරිස් වලටයි.

මේ වන විට දෙවන කොරෝනා රැල්ලෙන් දැඩි බලපෑම් එල්ලවී තිබෙන ඉන්දියාව තුල මෙම B.1.1.7. වෛරස ප්‍රභේදය හේතුවෙන් ආසාදිතයින් සිඝ්‍ර ලෙස ඉහළ යමින් තිබේ.

උදාහරණයක් වශයෙන් ගත් කළ පන්ජාබයේ සීයයට 81ක් සහ දිල්ලියේ 50% රෝගීන් හට මෙම බ්‍රිතාන්‍යය වෛරස් ප්‍රභේදය ආසාදනය වී තිබෙන බවට හෙළිවී ඇත.

Related news

වැඩිම යාපනයට: ඇ.ඩො. මිලියන 3.98ක් : LPL කණ්ඩායම් වල වටිනාකම් මෙන්න

administrator

‘වියත්මග’ සභාපතිකම නාමල්ට

administrator

කොවිඩ් අරමුදල ගැන ජනාධිපති මාධ්‍ය නිවේදනය මුසාවක්?

administrator

රනිල් සහ සජිත්ගේ ‘මානවම්ම දේශපාලනය’

administrator

අද රාත්‍රියේ සිට සංචරණ සීමා පැනවෙන ආකාරය මෙන්න

administrator

අසාමාන්‍ය කොටස් ගනුදෙනු නිසා කොටස් වෙලඳපොළ කැළඹෙයි

administrator