ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයින් 38 දෙනෙකු වාර්ෂික ගිවිසුම් සහ සංචාරක ගිවිසුම් අත්සන් නොකිරීමට තීරණය කර ඇති බව එම ක්‍රීඩකයින් වෙනුවෙන් පත් කරන ලද නීතිඥවරයා විසින් අද (05) දිනයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
නවක ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ ඇති අක්‍රමිකතා සහ එම ක්‍රමවේදයේ විනිවිදභාවය පිළිබඳව මතුව ඇති බරපතළ ගැටලු හේතුවෙන් ගිවිසුම්ගතවීමට ක්‍රීඩකයින් එකඟ නොමැති බව දැනුම් දී තිබේ.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත එංගලන්ත සංචාරය සඳහා තෝරාගෙන ඇති එක්දින සහ විස්සයි 20 සංචිතයේ ක්‍රීඩකයින් ද එම සංචාර ගිවිසුම් අත්සන් කිරීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇත.
ගිවිසුම් අත්සන් කිරීමට ක්‍රීඩකයින් එකඟ නොවුවද ඉදිරි එංගලන්ත සංචාරය ඇතුළු අනෙකුත් සංචාරවලට ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයින් ඕනෑම අවස්ථාවක සූදානමින් සිටින බවත්, ක්‍රීඩකයින්ට වැටුප් ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කළ විටක වුවත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට එය බාධාවක් නොවන බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.