බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල විසින් ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැම්ම සම්බන්ධයෙන් ‘පොහොට්ටු’ පක්ෂයේ නායකයින්ගේ විරෝධය පළවී ඇති අතර අමාත්‍ය උදය ගම්මන්පිල එවැනි තීරණයක් ගෙන ඇත්තේ කැබිනට් මණ්ඩලය හෝ ආණ්ඩුවේ ආර්ථික කටයුතු බාර වගකිවයුත්තන් ගේ විමසීමකින් තොරවයි.
කෙසේවුවද බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සිය අමාත්‍යාංශයේදී ඊයේ(11) පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ, ඉන්ධන මිල සංශෝධනය කිරීමට ජීවන වියදම පිළිබඳ අමාත්‍ය අනුකමිටුව තීරණය කර ඇති බවයි.
‘පොහොට්ටු’ පක්ෂයේ නිර්මාතෘ හා එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ හා විමල් – ගම්මන්පිල – වාසුදේව ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 ක් අතර පවතින ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටුම මේවනවිට උත්සන්න වෙමින් පවතින බවත් ඉන්දන මිළ ඉහල දැමීමට ‘පොහොට්ටුව’ දක්වන විරෝධය එහි සන්ධිස්ථානයක් වියහැකි බවත් ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකු පැවසිය.
මේ අතර කොවිඩ් අර්බුදය හමුවේ රටේ ජන ජීවිතය අඩාල වීජනතාව ආර්ථික වශයෙන් අපහසුතාවයකට පත්ව ඇති අවස්ථාවක ඛනිජ තෙල් මිල ඉහළට දමා මෙම අසිරූ අවස්ථාවේදී පිඩාවට පත්ව සිටින ජනතාව තවත් අසිරූතාවයට පත්වනආකාරයේ තීරණයක් ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති තත්ත්වයකට රජය පත් කිරිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ දැඩි අවදානය යොමු වී ඇති බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනතාවාදී රජයක් පිහිටුවාගෙන විශාල අභියෝග රැසකට මුහුණදෙමින් රටේ සංවර්ධනය වෙනුවෙන් කැපවී කටයුතු කරන මෙවන් අවස්ථාවකදී උවමනාවෙන්ම ශ්‍රී ලංකා පොදුජන පක්ෂය සහ එහි නායකයින් අප්‍රසාදයට පත් කිරිම උදෙසා මෙවැනි තත්ත්වයක් ඇතිකරනු ලැබෙන්නේ ද යන සාධාරණ වූ සැකයක් ඇතිවී තිබෙන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
උදයට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැලක්
පොහොට්ටු පක්ෂයේ ඇතැමුන් ප්‍රශ්න කර සිටින්නේ ඉන්ධන මිල වැඩි කිරිමටත් වඩා බල ශක්ති ඇමැතිවරයා ගේ නොහැකියාවයි.
රජයේ ආදායම් මාර්ග අඩපණ වීම යන කාරණා පසුබිමෙහි තබාගෙන වුව බලශක්ති ඇමතිවරයාගෙන් පහත ප්‍රශ්න යොමු කරන්නට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් සූදානමින් සිටිති.
දැඩි බැසිල්වාදියකු ලෙස සැලකෙන පුවත්පත් මණ්ඩල සභාපති මහින්ද පතිරණ සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි ප්‍රශ්න කිරීමක් සිදුකර තිබේ.
”රජයේ ආදායම් මාර්ග අඩපණ වීම යන කාරණා පසුබිමෙහි තබාගෙන වුව බලශක්ති ඇමතිවරයාගෙන් පහත ප්‍රශ්න අසන්නේ ඒවාට පැහැදිලි කිරීමක් අපේක්ෂාවෙනි.
1, ලෝක වෙළඳපලෙහි තෙල් මිළ ඉතා අඩු මට්ටමක පැවති අවස්ථාවේ බලශක්ති අමාත්‍යාංශය ඉදිරියට සැලසුම් කරමින් තෙල් තොග ආනයනය නොකළේ ඇයි?
2, ලංකාවට බොරතෙල් වෙනුවට මිළ අධික පිරිපහදු කළ තෙල් ආනයනය කරන්නේ ඇයි?
3, අඩුමිළ සහිත ඔපෙක් රටවලින් මිළ දී නොගෙන සිංගප්පූරු වෙළඳපොලින් තෙල් මිළට ගන්නේ ඇයි?
බොහෝ ප්‍රශ්න හමුවේ බුදු බනෙන්, හීන් නූලෙන් හා යන්නේ කොහෙද මල්ලේ පොල් න්‍යායයෙන් පිළිතුරු දී බේරී යන උදය ගම්මන්පිල ඇමැතිවරයා ආණ්ඩුව ඇතුලෙන්ම එන ප්රතිවිරෝධයට කෙසේ මුහුණදේ දැයි යන්න ඉන්ධන අර්බූදය තරම්ම උග්රය.
කෙසේවුවද බැසිල් වාදීන්ගෙන් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ලබාගැනීමට උදය ගම්මන්පිල අමාත්‍යවරයා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට අප දැක්වූ උත්සාහය අසාර්ථක විය.
එහෙත් බලශක්ති අමාත්‍යයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ගෙන් අප කල විමසීමකදී ඔහු මහින්ද පතිරණ ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් මෙසේ ප්‍රචාර දැක්විය.
”තෙල් ගෙන්න සල්ලි නැහැ”
ලෝක වෙළඳපලෙහි තෙල් මිළ ඉතා අඩු මට්ටමක පැවති අවස්ථාවේ බලශක්ති අමාත්‍යාංශය ඉදිරියට සැලසුම් කරමින් තෙල් තොග ආනයනය නොකළේ ඇයි කළ විමසීමේදී ඔහු පැවසුයේ, එවැනි තෙල් ආනයනය කිරීමට රජයට මුදල් නොමැති බවයි.
”දැනටත් ඉන්දන ගේන්නේ මාස 9ක ක්‍රෙඩිට් වලට. අපට සල්ලි නැහැ. අනෙක ගෙනාවත් ගබඩා කරන්න තැනක් නැහැ” එම නිලධාරියා කියා සිටියේය.
”අපි වසර 52කින් රිෆයිනර් එකක් හදලා නැහැ”
ලංකාවට බොරතෙල් වෙනුවට මිළ අධික පිරිපහදු කළ තෙල් ආනයනය කරන්නේ ඇයි? දැයි කළ විමසීමේදී ඔහු පැවසුයේ, බොරතෙල් ගෙනවිත් පිහිපහදු කිරීමට ප්‍රමාණවත් පහසුකම් ලංකාවේ නොමැති බවයි.
” අපි වසර 52කින් රිෆයිනර් එකක් හදලා නැහැ. දැන් තියන පිහිපහදුවේ කරන්නේ ලංකාවේ අවශ්‍යතාවයෙන් සියයට 25යි. එනිසා එකෙන් කරන්න පුළුවන් ප්‍රමාණයට ඒ කියන්නේ සියයට 25ක් බොරතෙල් ගෙනත් ඉතුරු සියයට 75 පිරිපහදු කළ තෙල් ආනයනය කරනවා. ”
සිංගප්පූරු වෙළඳපොල:
අඩුමිළ සහිත ඔපෙක් රටවලින් මිළ දී නොගෙන සිංගප්පූරු වෙළඳපොලින් තෙල් මිළට ගනු ලබන්නේ තරඟකාරී ලෙස අඩු මිලකට ඉන්දන ලබාගත හැක්කේ සිංගප්පූරු වෙළඳපොලින් නිසා බව ඔහු අවධාරණය කළේය.
”අපි ඔමාර් වලින් හරි වෙනත් එවැනි රටකින් ඉන්දන ගන්න ගියොත් එරටේ කියන ගානට ගන්න ඕන. එත් සිංගප්පූරු ඔක්ෂන් එකට ඔය හැම තෙල් රටක්ම එනවා. එතැනදී අපිට අඩු ම ප්‍රයිස් එකකට ඉන්දන ගැනීමේ හැකියාව තියනවා. වෙනත් රටවලින් කෙලින්ම ගන්න ගියොත් අපි බාගේන් කරන්න හැකියාවක් නැහැ..” එම නිලධාරියා පැවසිය.
කෙසේවුවද මෙම කරුණු වල සත්‍ය අසත්‍යතාවය ඇමතිවරයා විසින් රට හමුවේ පැහැදිලිකළ යුතුව තිබේ.