fbpx

රටට පාඩුවක් නෑ – මන්ත‍්‍රීවරුන්ට වාහන ගෙන්විය යුතුයි: ඇමති ලොහාන්

BusinessHot

මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයනය කිරීමේ තීරණය වෙනස් නොකර ඒවා ගෙන්විය යුතු බව මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත සහ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසයි.

මෙම වාහන ගෙන්වීමේ ක්‍රියාවලිය සිදුවන්නේ පසුගිය රජය විසින් ලබාගත් ණය පහසුකමක් යටතේ බවත් එම ණය පහසුකම ලබා නොගතහොත් එය අපතේ යන බවත් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පෙන්වා දෙයි.

අදාළ ණය පහසුකම අපතේ යාමට නොදී රජය එයින් ප්‍රයෝජනයක් ගත යුතු බැවින් වාහන මෙරටට ආනයනය කළ යුතු බව තමාගේ පෞද්ගලික අදහස බවද ලොහාන් රත්වත්තේ ප්‍රකාශකරයි.

මෙම වාහන තොගය ආනයනය කිරීමෙන් රජයට කිසිඳු ණය බරක් ඇති නොවන බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරයි.

Leave a Reply