කොරෝනා වසංගතයෙන් මියයන පුද්ගලයින්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ හතරක වන්දියක් ලබාදිය නොහැකි බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැණුම් දී තිබෙනවා.
එවැනි වන්දි ලබාදීමක් සිදු කෙරෙන්නේ ස්වභාවික ආපදා තත්ත්වයකදී පමණක් බව මධ්‍යම රජය වැඩිදුරටත් පවසා තිබෙනවා.
කොරෝනා වසංගතයෙන් මියයන පුද්ගලයින්ගේ පවුල්වලට එසේ වන්දි ගෙවීම සිදු කළහොත් එය වෙනත් රෝගී තත්ත්වයන් වලින් මියයන පුද්ගලයින්ට කෙරෙන අසාධාරණයක් බව මධ්‍යම රජයේ මතය වී තිබෙනවා.