Info Sri Lanka | www.infosrilanka.lk

ක්‍රීඩා අමාත්‍යංශයේ ටෙන්ඩර් මගඩිය ගැන නාමල් අවදියෙන් ද?

ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පවතින ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානයට (Gym) උපකරණ මිලදී ගැනීමේ ටෙන්ඩරය සම්බන්ධයෙන් දැඩි ප්‍රශ්නකාරී තත්ත්වයක් උද්ගතවී ඇතැයි වාර්තා වේ.

මෙම ටෙන්ඩරයට මිල ගණන් ඉදිරිපත් කළ ආයතන දෙකේම ටෙන්ඩර් ලිපිගොනුවල අඩුපාඩු ඇති බවත් වැඩි මිල ගණන් ඉදිරිපත් කළ සමාගමෙන් භාණ්ඩ මිලදී ගැනීමට සූදානම් වන බවත් වාර්තා වේ.

එ සඳහා පත් කළ තාක්ෂණික කමිටුවේ නිලධාරීන් කිහිප දෙනෙක්ම ඉහළ මිල ගණන් ඉදිරිපත් කළ සමාගමෙන් මිලදී ගැනීමට විරෝධය පළ කරන බව ද වැඩිදුරටත් වාර්තා වේ.

මෙම ආයතන දෙකෙන් එක සමාගමක් රුපියල් කෝටි 7.4 ක මිලක් ද, අනෙක් සමාගම රුපියල් කෝටි 6.6 ක මිලක්ද ඉදිරිපත් කළ ඇති බව දැනගන්නට තිබේ.

(යොහාන් භාසුර-ලංකාදීප)

Related news

අයවැය කතාවෙදි බැසිල් බොරු කියලා [Video]

administrator

මත්පැන් මිල ඉහළ හැටි මෙන්න

administrator

KIU විශ්වවිද්‍යාලය අමානුෂිකයි: කෝවිඩ් ආසාධිත සිසුන්ට තර්ජනය කර බැණ වදියි

administrator

නිට්ටඹුව පොලිසියේ ඇස් වසා: ඉපැරණි කළුවර සහ කොස් ගස් කපන ජාවාරමක්!

administrator

ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි: ආණ්ඩුව ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණන්න තීන්දු කරයි!

administrator

පර්චසයක් රුපියල් 500 බැගින් මුතුරාජවෙල අක්කර 400ක් සමාගමකට විකුණලා.

administrator