logo
Info Sri Lanka | www.infosrilanka.lk

විෂ ටොන් ගණනක් සයුරට එක්කළ X-press Pearl බලපෑම ක්‍රිස්මස් දූපතටත්

X-press Pearl ⁣බහාලුම් නෞකාවේ හටගත් ගින්න ශ්‍රී ලංකාව ඉතිහාසයේ මුහුණ දුන් දරුණතම පාරිසරික අර්බුදය බව අවිවාදිතයි. එහි බලපෑම සම්බන්ධයෙන් විෂයේ ප්‍රාමාණිකයන් විවිධ පුරෝකතන සිදුකරන අතරතුර ඉන් සැලකිය යුතු තරමේ හානියක් සිදුනොවන බවට දත්ත විශ්ලේෂණය කරන ආචාර්ය මහාචාර්යවරුද වෙති. මෙරට වෙරළ තීරයන්ට පෙර කවරදාකත් වාර්තා නොවුනු පරිදි කැස්බෑවුන්ගේ සහ සිටාසියාවන්ගේ මළ සිරුරු ගොඩ ගසමින් තිබෙන්නේ එවැනි පසුබිමකයි. ඒ සියලු කරුණු ආශ්‍රය කොටගනිමින් The Washington Post වෙබ් අඩවිය X-press Pearl ගින්න සහ එහි බලපෑම පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් පල කර තිබුණි. පහත ඇත්තේ එහි සංක්ෂිප්ත පරිවර්තනයකි.

සති දෙකක් තිස්සේ අඩි 610ක් පමණ දිගින් යුත් දැවැන්ත නෞකාවක් ගිනිගැනීමෙන් අනතුරුව කොළඹ වරායට ඔබ්බෙන් වූ මුහුදු තීරය මේ වනවිට සංසුන්ය. සිව්මස් හැවිරිදි සිංගප්පූරු ධජයධාරී X-press Pearl බහාලුම් නෞකාවේ වැඩි කොටසක් මේවන විටත් මුහුදු පතුලේ සැඟව ගොස් අවසන්.

නමුත් මහ සයුර ඇගේ ශෝකලාපය නඟමින් සිටින්නීය. කරමල් අතර රැඳුණු ප්ලාස්ටික් පෙලට් / නර්ඩ්ල්ස් සමග ජීවයක් නොමැති මත්ස්‍ය සිරුරු වෙරළ තීරයන්ට ⁣දිනපතා පාවී එමින් තිබේ. මනස්කාන්ත වෙරළ තීරයන් නර්ඩ්ල්ස්වලින් වැසී ගොසින්ය. මියගිය කැස්බෑවුන් සහ සමුද්‍ර පක්ෂින් ද වෙරළ තීරයන්ගෙන් හමුවෙමින් තිබෙන්නේ ඊට නෞකාව හේතුවක්දැයි යන කාරණය තවම විමර්ශනයේ පවතින අවධියකයි.

අනතුර සිදුවූ ප්‍රදේශයේ චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක පසුගිය සතියේ නිකුත්වූ අතර එහි දැක්වුණු අවපැහැගැන්වුණු ජලය තෙල් කාන්දුවක්දැයි මහත් බියක් ජනිත කළේය. නෞකාවේ හිමිකාරිත්වය දරන X Press Feeders සමාගම ජුනි 12 වනදා ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අලු පැහැති යමක් නෞකාවෙන් පිටවන බව නිරීක්ෂණය කළද ඉන්ධන කාන්දුවක් බවට විශ්වාස නොකරන බවයි. තෙල් කාන්දුවක් සිදුවන බවට ශ්‍රී ලංකා රජයද මෙතෙක් නිල නිවේදනයක් සිදුකර නැහැ.

අනතුර සිදුවූ පුදේශයේ විමර්ශන සිදුකරන නාවික හමුදාවේ ප්‍රකාශකයෙක් ” ද වොෂින්ටන් පෝස්ට්” වෙත පවසා තිබුණේ අදාල ප්‍රදේශයෙන් ලබා ගත් සාම්පල සංයුතිය පරික්ෂා කිරීම සඳහා යොමු කර ඇති බවයි.

විශේෂඥයින් පෙන්වා දෙන්නේ මේ ව්‍යස⁣නයේ විනාශකාරී බලපෑම මේ වනවිට ආරම්භ වී ඇති බවයි. දැනට මුහුදුබත් වී ඇති නෞකාවේ තිබූ විෂ රසායනික ඇතුලු හානිකර ද්‍රව්‍ය ශ්‍රී ලංකාවේ සමුද්‍ර ජීවීන් මෙන්ම ධීවර ප්‍රජාවද විනාශ කරනු ඇති.
ශ්‍රී ලංකාවේ පරිසරය⁣ට හා ආර්ථිකයට මෙහි ඇති බලපෑම තක්සේරු කිරීම සඳහා සකස් කරන ලද ආකෘති අනුව වැඩිම බලපෑමක් එල්ලවනු ඇත්තේ ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයටයි. සිදුවන පාරිසරික හානිය ප්‍රතිස්ථාපනය වීමට තවත් වසර ගණනාවක් ගතවනු ඇති.

1500ක් පමණ වන නෞකාවේ තිබූ බහාලුම් අතරින් 81ක නයිට්‍රික් ඇසිඩ්, සෝඩියම් මෙතොක්ස්යිඩ්, මෙතනෝල් වැනි අන්තරායකාරී ද්‍රව්‍යද තවත් බහලුම්වල සමුද්‍ර ජීවින්ට බරපතල විනාශයක් කලහැකි ප්ලාස්ටික් පෙලට් අඩංගු වී තිබුණි. ද වොෂින්ටන් පෝස්ට් තහවුරු කරගත් පරිදි නෞකාවේ තිබූ බහාලුම් වලින් තුනෙන් එකක් ප්ලාස්ටික්, රබර් සහ අන්තරායකාරී ද්‍රව්‍යයි.

The Pearl Protectors (සමුද්‍ර ජීවීන් සංරක්ෂණය සඳහා වන ස්වේච්ඡා සංවිධානයක්) හි මුදිත කටුවාවල මෙය විග්‍රහ කරන්නේ න්‍යෂ්ටික ප්‍රහාරයක් ලෙසයි. මෙය ශ්‍රී ලංකාවට පමණක් නොව ඉදිරි සති කිහිපය තුල කලාපීය ගැටලුවක් වනු ඇතැයි මුදිත කටුවාවල ⁣පවසනවා.

නෞකාව අවට කිමිදුම් මෙහෙයුමක නිරත වූ නාවික හමුදාව තහවුරු කළේ ඒ අවට ජලයේ අසාමාන්‍යතාවක් නිරීක්ෂණය නොවූ බවයි. නමුත් විද්‍යාඥයින් බිය පලකරන්නේ රසායනික කාන්දුවක් සිදුවුවහොත් ඉන් සමුද්‍ර ජෛව පද්ධතියට බරපතල අගතියක් සිදුවනු ඇති බවයි.

නෞකාවේ තිබූ බොහෝ රසායන ද්‍රව්‍ය ජලය සමග පහසුවෙන් ප්‍රතික්‍රියා කරන බව කැලිෆෝනියාවේ වෙසෙන ජෛවරසායනඥයෙක් වන Dureshika Markovich පවසනවා. ඔහු එම රසායන ජලය සමග ප්‍රතික්‍රියා කිරීම සහ එහි බලපෑම පහත පරිදි විග්‍රහ කර තිබුණා.

සෝඩියම් මෙතොක්ස්යිඩ්

මෙතනෝල් නිෂ්පාදනයේදී යොදා ගැනෙන ප්‍රබල ප්‍රතික්‍රියාකාරකයකි. ආග්‍රහණය විෂ සහිතයි. ජලය සමග ප්‍රතික්‍රියා කිරීමෙන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිපදවෙන අතර එය ජලයේ පීඑච් අගය වෙනස් කරයි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මත්ස්‍යයන්ට අහිතකරවේ.

කෝස්ටික් සෝඩා

සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ලෙස හැඳින්වෙන මේවා සබන් සහ සේදුම්කාරක නිෂ්පාදනයට යොදා ගැනේ. අධික සාන්ද්‍රණය සමුද්‍ර ජීවින්ට උග්‍ර විෂ සහිතයි.

මෙතනෝල්

බහුල ලෙස භාවිතයට ගන්නා රසායනිකයක් වේ. අධික ලෙස වාෂ්පශීලී වන බැවින් ජලයේ එහි බලපෑම හඳුනාගැනීම උගහට වේ. නමුත් විවිධ අධ්‍යයනයන් මගින් පෙන්වා දී ඇත්තේ ඇල්ගී සුපෝෂණය වීමට හේතුවක් බවයි. ඒ අනුව ඇල්ගී ගහණය වැඩිවී හිරු එළිය ගමන් කිරීම සීමා වීම හෝ අවහිර වීම නිසා සාගර ජීවීන්ට බලපෑම් එල්ලවිය හැකියි.

නයිට්‍රික් ඇසිඩ්

ගිනිගැනීමට හේතුව ලෙස බොහෝ අයගේ විශ්වාසයයි. වාතයට මුසුවීමෙන් අම්ල වැසි ඇතිවේ. ජලයේ දියවීමෙන් ඇල්ගී සුපෝෂණයට හේතුවන නයිට්‍රේට් නිපදවේ. එමගින් ඇල්ගී වර්ධනය වී ජලයේ ජෛව පද්ධති ස්ථායිතාව බිඳවැටේ.

ලිහිසිකාරක

ජලයේ දිය නොවේ. මෙම තෙල් වැනි ද්‍රව්‍ය හේතුවෙන් ජලය හරහා වාතය ගමන් කිරීම අවහිර කරන අතර එමගින් මත්ස්‍යයින්ට අවශ්‍ය ඔක්සිජන් නොලැබී යයි.

කෙසේවෙතත් තවත් විද්‍යාඥයින් පිරිසක් පෙන්වා දෙන්නේ සාගර ජලයේදී බහාලුම් වල ඇති රසායනික ද්‍රව්‍ය තනුක වන බැවින් ඉන් සාගර ජීවින්ට හානියක් සිදු නොවන බවයි.

මේ අතර විෂකාරකයක් නොවුණද ප්ලාස්ටික් පෙලට් / නර්ඩ්ල්ස් මුහුදු ජීවීන්ට මාරාන්තික වියහැකියි. එමෙන්ම වෙරළේ විසිරී තිබීමෙන් උෂ්ණත්වය ඉහළ ගොස් කැස්බෑ බිත්තර බීජෞෂණයට බලපෑම් එල්ල වේ.

කලාපයට දිගුකාලීන හා පුලුල්ව පැතිරුණු බලපෑමක් එල්ල කරනු ඇත්තේ මෙම ප්ලාස්ටික් පෙලට් බවත් ඒවා සදාකාලිකවම සාගරයේ පවතිනු ඇති බවත් බටහිර ඕස්ට්‍රේලියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චරිත පට්ටියආරච්චි පවසයි.

ප්ලාස්ටික් පෙලට් බටහිර වෙරළ තීරයේ සැතපුම් 230 පමණ දුරක් පුරා පැතිර ඇතැයි Oceans well
සංවිධානය කළ අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන්නේ මේවනවිට ප්ලාස්ටික් පෙලට් ඇතුලු අපද්‍රව්‍ය ටොන් 1075ක් පමණ මෙරට වෙරළ තීරයන්ගෙන් එකතු කර ඇති බවයි. නමුත් ප්ලාස්ටික් විසිරීම විශාල හා පෙර නොවූ විරූ ලෙස පවතී. මහාචාර්ය චමත් පට්ටියආරච්චි පවසනුයේ මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම ප්ලාස්ටික් පෙලට් විසිරීම බවයි. ඔහුගේ පුරෝකතනයට අනුව මෙම පෙලට් දින 60 කින් පමණ ඉන්දුනීසියාව වෙත පැතිරෙනු ඇති. වසරක් හෝ දෙකක් ගතවන විට ඒවා ක්‍රිස්මස් දූපත් වලින්ද හමුවනු ඇතැයි මහාචාර්ය චමත් පට්ටියආරච්චි විශ්වාසය පලකරනවා.

Related news

ප්‍රශ්න උග්‍ර වෙයි: ශ්‍රීලනිප කොටසක් දැඩි තීන්දුවක

administrator

පොලිසියේදී වධ දී මරා දැමූ ‍චදික් වික්‍රමාරච්චි වෙනුවෙන් මිලියනයක වන්දියක් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරයි

administrator

විරෝධතා පලදරයි: කොතලාවල විශ්ව විද්‍යාලය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට

administrator

මුදල් අමාත්‍යංශයේ රවීගේ වාර්තාවක් බැසිල් කඩලා

administrator

රිෂාඩ්ගේ ගෙදර මෙහෙකාර සේවයට යෙදවූ, පිලිස්සී මියගිය දැරිවියට ලිංගික අතවර වෙලා

administrator

වියත් ලේබල් ගොඩහේවාගෙන් අමාත්‍යංශ කෑල්ලක් ගලවයි: පවුලේ ශෂීන්ද්‍රට තවත් කෑල්ලක්

administrator