logo
Info Sri Lanka | www.infosrilanka.lk

මහින්දගේ ඉල්ලීමක් මත; අනූෂ පැල්පිට සංවර්ධන ලොතරැයියට

කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වූ අනූෂ පැල්පිට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කිරීමට ජනාධිපතිවරයා විසින් තීරණය කර ඇතැයි වාර්තාවේ.

මුදල් අමාත්‍ය අගමැති මහින්ද රාජපක්ෂ ඊයේ පෙරවරුවේ අනුෂ පැල්පිට ව කැඳවා එම තනතුර බාර ගන්න ලෙස ඉල්ලීමක් කර තිබේ.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ජනාධිපති අරමුදලට ලැබෙන මුදල් ප්‍රමාණය බරපතල ලෙස අඩුව ඇති බැවින් කෙටි කාලයකට හෝ එම තනතුර බාරගෙන එම ආයතනය යලි ගොඩදාදෙන ලෙස ජනාධිපතිවරයා ද අනුෂ පැල්පිට ගෙන් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

කෙසේවුවද ඔහු ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා ඇත්තේ තමාව කෙටි කලකට හෝ විදෙස් සේවයේ තානාපති ධුරයක් ලබාදෙන ලෙසයි.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන අනුෂ පැල්පිට, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කලක් කටයුතු කළේය.

Related news

ප්‍රශ්න උග්‍ර වෙයි: ශ්‍රීලනිප කොටසක් දැඩි තීන්දුවක

administrator

පොලිසියේදී වධ දී මරා දැමූ ‍චදික් වික්‍රමාරච්චි වෙනුවෙන් මිලියනයක වන්දියක් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරයි

administrator

විරෝධතා පලදරයි: කොතලාවල විශ්ව විද්‍යාලය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට

administrator

මුදල් අමාත්‍යංශයේ රවීගේ වාර්තාවක් බැසිල් කඩලා

administrator

රිෂාඩ්ගේ ගෙදර මෙහෙකාර සේවයට යෙදවූ, පිලිස්සී මියගිය දැරිවියට ලිංගික අතවර වෙලා

administrator

වියත් ලේබල් ගොඩහේවාගෙන් අමාත්‍යංශ කෑල්ලක් ගලවයි: පවුලේ ශෂීන්ද්‍රට තවත් කෑල්ලක්

administrator