logo
Info Sri Lanka | www.infosrilanka.lk

ගැහැණියකගේ වේදනාව: featured by Oshadi Himasha

සෑම වසරකම මාර්තු මස 08 වනදා ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස නම් කර ඇත.සියවසකට අධික කාළයක් ලොව පුරා මෙම කාන්තා දිනය සමරයි. නමුත් සැබවින්ම කාන්තාවන්ට හිමිවිය යුතු නිසි තැන ලැබෙනවාදැයි සැක සහිතයි. නිරන්තරයෙන් පාහේ කාන්තාවන්ට අත්විදින්නට වන ඉතා කටුක ඉරණම් පිළිබඳව අපට අසන්නට ලැබෙනවා.එවන් වාතාවරණයකදී ඡායාරූප ශිල්පී ලක්මාල් සිංහාරගේ නිරූපණ ශිල්පී ඕශධී හිමාශා සමග එක්ව අපූරු නිර්මාණාත්මක ඡායාරූප පෙලක් කල අයුරි මේ දිනවල මුහුණුපොත හරහා අපට හමුවුනා.

ඒ පිළිබඳව ඡායාරූප ශිල්පී ලක්මාල් සිංහාරගේ අදහස පහතින්…

” කාලෙකින් සටහනක් තැබිය යුතු කාලයක සිටිමි යැයි සිතමි.පින්තූර පෙලෙන් මා කීමට අදහස් කරන කතාව ඔබට වැටහේ යැයි අනුමාන කරමි.කෝරෝනා වසංගතයත් සමගම ලෝකය පූරා සීග්‍රයෙන් වර්ධනය වන “කාන්තා හිංසනය” පිටු දැකීම මෙහි මූලික පරමාර්ථය වූනා. ගැහැනියගේ දුක-කදුල-වේදනාව-ජායාරූපශිල්පියෙකු ලෙස මාගේ වෘත්තීය මට්ටමින් මෙවැනි නිර්මාණයක් සිදු කිරීමට හැකි වීම පිළිබද ඇත්තේ නිහතමානී සියුම් ආඩම්බරයකි.

අදහස ඇවිත් දවස් 3කින් මේ විදියට මේක කරන්න පුලුවන් වුනේ නිර්මාණයේ කතා නායිකාව වන ඕෂධි හිමාෂා කාවින්දී මට ලබා දුන්න සහයෝගය නිසාමයි. නිරෑපිකාවක් විදියට ඇයගේ පරිණතභාවය මෙහිදී මෙහි සාර්ථකත්වයට රැකුලක් වුනා. ඒ වගේම බෙහෙවින් ස්තූති විය යුතුයි ඇයගේ ආදර සැමියත් මේ නිර්මාණය සදහා මට අපූරෑ සහයෝගයක් දැක්වූවා. ඕෂදීව මේ විදියට පාට කලේ සුභාෂ් අබේවික්‍රම මල්ලී. ඇත්තෙන්ම මේ Shoot එකේ ඉන්නේ ඕෂදීමද කියන එක ගොඩක් වෙලාවට ඔබට සිතෙන කාරණයක් වේවී.ඒ තරම් සියුමැලී වේෂ නිරෑපනයක් අපි මෙහිදී භාවිතා කලා…

ඒ වගේම මෙහි භාවිතා වුන හැම නිෂ්චල උපකරණක්ම නිදි මරාගෙන එක රැයින් හැදුවේ මමමයි.කවි ටිකත් පුලුවන් විදියට හදිස්සියේ ලියව්වා.මම කැමතියි මේ පින්තූර දකිද්දී එන අදහස් ඔබ කවී වලින් මෙහි සටහන් කරනවා නම්.

අපි හැමෝම අපේ අම්මාට ගොඩාක් ආදරෙයි…ලෝකයේ වෙසෙන හැම ගැහැණියක්ම අම්මා විදියට සලකලා අපි ආදරේ කරමූ…ගරැ කරමු….කාන්තා හිංසනය පිටු දකිමු…”ගැහැනියට- මගේ අම්මාට මේ නිර්මාණය උපහාරක්ම වේවා…!!!”

Related news

ප්‍රශ්න උග්‍ර වෙයි: ශ්‍රීලනිප කොටසක් දැඩි තීන්දුවක

administrator

පොලිසියේදී වධ දී මරා දැමූ ‍චදික් වික්‍රමාරච්චි වෙනුවෙන් මිලියනයක වන්දියක් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරයි

administrator

විරෝධතා පලදරයි: කොතලාවල විශ්ව විද්‍යාලය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට

administrator

මුදල් අමාත්‍යංශයේ රවීගේ වාර්තාවක් බැසිල් කඩලා

administrator

රිෂාඩ්ගේ ගෙදර මෙහෙකාර සේවයට යෙදවූ, පිලිස්සී මියගිය දැරිවියට ලිංගික අතවර වෙලා

administrator

වියත් ලේබල් ගොඩහේවාගෙන් අමාත්‍යංශ කෑල්ලක් ගලවයි: පවුලේ ශෂීන්ද්‍රට තවත් කෑල්ලක්

administrator