fbpx

නැව පෘථිවියටම කළේ මහා විනාශයක්: එක්සත් ජාතීන්ගේ නියෝජිතයන්ගෙන් හෙළිදරව්වක්

FeaturedHotVideos

රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී ගින්නකට හසුව මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් බහාලුම් නෞකාවෙන් පරිසර පද්ධතියට නිකුත් වූ අන්තරායකර ද්‍රව්‍ය හේතුවෙන් “පෘථිවියට සැලකිය යුතු හානියක්” සිදුව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයෝ පවසති.

එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටියේ මෙම කටයුතු සම්බන්ධීකරණය කිරීම හරහා හානිය ගණනය කිරීම පමණක් නොව එවැනි ආපදා වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වීම අරමුණු කරගෙන ඇති බවකි.

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර්-හැම්ඩි පැවසුවේ මෙවැනි පාරිසරික හදිසි අවස්ථාවක් “වෙරළබඩ ප්‍රදේශවල ජනගහනයේ ජීවිත හා ජීවනෝපායන්ට තර්ජනයක්” බවයි.

Leave a Reply