logo
Info Sri Lanka | www.infosrilanka.lk

කෙනෙහිළිකම්වලට එහා ගිය දේශපාලන ප්‍රශ්නයක් ආණ්ඩුවේ: විමල්ගේ පක්ෂයෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවලට කෙනෙහිළිකම්වලට එහා ගිය දේශපාලන ප්‍රශ්නයක් ඇති වෙමින් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

56දීත් පැමිණි දේශප්‍රේමී ගමන නවතා දැමුවේ බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමෙන් වන අතර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ 70බලයට පැමිණි සමඟි පෙරමුණු ආණ්ඩුව විසින් මුල පුරා තිබුණු ජාතික ආර්ථික ගමන වැලැක් වූයේ ආචාර්ය එන්.එම්.පෙරේරා ඇතුළු වමේ පක්ෂ ආණ්ඩුවෙන් එලවා දැමීමෙන් වන බවත් මේ නැවත වරක් වත්මන් ආණ්ඩුව තුළ සිදුවෙමින් තිබෙන්නේ එවැනි තත්ත්වයක් බවත් එය 56 සිදුවීම හෝ 70වේ සිදුවීම මෙන් විය හැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති අපේක්ෂකත්වය නොදී සිටීමේ කුමන්ත්‍රණකාරී බලවේග ක්‍රියාත්මකව තිබියදී මේ මොහොතේ රට හමුවේ පවතින අභියෝග ජයගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා හැර වෙනත් සුදුසු පුද්ගලයෙක් නොමැති බවට සමාජයේ දෑ හිතකාමී බලවේගවලට අවධාරණය කළ නායකයින් දෙදෙනෙකු වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල වැනි අයට ප්‍රහාර එල්ල කිරීමේ තත්ත්වය බරපතල කාරණයක් බවද ඔහු කියාසිටියි.

ඒ අනුව මේ වනවිට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවලට බරපතල පිඩාවක් ඇතිවෙමින් තිබෙන බවයි හෙතෙම ප්‍රකාශ කරන්නේ.

ඊයේ (21) දින මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි මන්ත්‍රීවරයා මේ බව කියා තිබුණේ.

Related news

ප්‍රශ්න උග්‍ර වෙයි: ශ්‍රීලනිප කොටසක් දැඩි තීන්දුවක

administrator

පොලිසියේදී වධ දී මරා දැමූ ‍චදික් වික්‍රමාරච්චි වෙනුවෙන් මිලියනයක වන්දියක් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරයි

administrator

විරෝධතා පලදරයි: කොතලාවල විශ්ව විද්‍යාලය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට

administrator

මුදල් අමාත්‍යංශයේ රවීගේ වාර්තාවක් බැසිල් කඩලා

administrator

රිෂාඩ්ගේ ගෙදර මෙහෙකාර සේවයට යෙදවූ, පිලිස්සී මියගිය දැරිවියට ලිංගික අතවර වෙලා

administrator

වියත් ලේබල් ගොඩහේවාගෙන් අමාත්‍යංශ කෑල්ලක් ගලවයි: පවුලේ ශෂීන්ද්‍රට තවත් කෑල්ලක්

administrator