මෙරට පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවන් මියයාම සහ පොලීසිය හා අපරාධ කල්ලි සාමාජිකයින් අතර ඇතිවන ගැටුම්වලදී පුද්ගලයින් මියයාම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අවධානය යොමුව ඇත.
එහි මහකොමසාරිස් මිචෙල් බැචෙලේ මහත්මිය පවසන්නේ මේ සම්බන්ධයෙන් කඩිනම් ස්වාධීන පරීක්ෂණයක් සිදුකළ යුතු බවත් සුළු ජාතීන්ට සිදුවන හිරිහැර හා අතුරුදන්වූවන්ගේ කාර්යාලයට සිදුකර ඇති පත්වීම් පිළිබඳව ද සිය අවධානය යොමුව ඇති බවත්ය.
ලබන සැප්තැම්බර් මාසයේ දී එම කටයුතුවල ප්රගතිය දැක්වෙන වාර්තාවක් මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා අතර ශ්රී ලංකා රජය සමඟ තවදුරටත් එක්ව කටයුතු කරන බව මිචෙල් බැචෙලේ මහත්මිය ප්රකාශ කර තිබේ.