ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පිහිටුවන ලද වියත්මග සංවිධානයේ සභාපති ධූරය නාමල් රාජපක්ෂ මහතාට පැවරීම සඳහා සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.
එම සංවිධානයේ ඉහළ පෙළේ හමුවකදී මෙම යෝජනාව ඉදිරිපත් වී ඇතැයි ද සඳහන්ය.
කෙසේ නමුත් එම යෝජනාවට ලැබී ඇත්තේ මිශ්ර ප්රතිචාර බවත් එනිසා ඒ පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති බව වැඩිදුරටත් සඳහන් වෙයි.