‘ජය ශ්‍රී’ සංගීත කණ්ඩායමේ ගීත රචනය, තනු නිර්මාණය, වාදනය සහ ගායනය සිදු කරන ලද අරුණ ලියාන් විසින් එකී ‘ජය ශ්‍රී’ සංගීත කණ්ඩායමේ අනෙක් සාමාජිකයන් දෙදෙනාවන රෝහිත ජයලත් සහ රොහාන් ජයලත් යන අය විසින් සිදු කරන ලද ගීතවල බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය කිරීමට එරෙහිව අරුණ ලියාන් විසින් රුපියල් මිලියන 100ක වන්දි ඉල්ලා සිය නීතිඥවරු මඟින් එන්තරවාසි යවා ඇත.
තවද ‘ජය ශ්‍රී’ සංගීත කණ්ඩායම විසින් නිර්මාණය කරන ලද ගීතවල බුද්ධිමය දේපළ අයිතිය අරුණ ලියාන්, රෝහිත ජයලත් සහ රොහාන් ජයලත් යන තිදෙනා වෙතම පැවැතියද රෝහිත ජයලත් සහ රොහාන් ජයලත් යන අය විසින් අරුණ ලියාන්ගේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් අරුණ ලියාන් වෙත සම නිර්මාණ හිමිකම් පවතින ගීත දේශීය සහ විදේශීය ප්‍රසංග හා අනෙකුත් ක්‍රම මගින් ගායනා කරමින් ඉතා විශාල මූල්‍යමය ආදායමක් නීති විරෝධී ලෙස ලබමින් සිටින බව අදාල එන්තරවාසි මගින් සදහන් කොට තිබේ.
දුරකථන රිගින් ටෝන් ක්‍රමය ඔස්සේ වසර 17කට අධික කාලයක් ද මොවුන් දෙදෙනා විසින් අරුණ ලියාන්ව දැනුවත් නොකර විශාල මුදලක් වංචා සහගත ලෙසින් උපයා ඇතැයි සදහන් වේ.
මීට අමතරව සමාජ මාධ්‍ය ඔස්සේ YouTube, Spotify, Apple I tune, Amazon Music, Deezer Music ඔස්සේ වංචා කර ඇතැයි කියැවේ.
අප මේ පිළිබදව අරුණ ලියාන්ව සම්බන්ධ කර ගනිමින් තොරතුරු විමසූ අතර ඔහු කියා සිටියේ වසර 17කට අධික කාලයක් සිය නිර්මාණයන්හි කතෘභාගය වංචා කරමින් රෝහිත ජයලත් සහ රොහාන් ජයලත් බොරු අතීතයක් දැන් මවා පාමින් බතික් සරමක් ගැන පම්පෝරි ගසමින් බෝල උඩදමමින් සහ පොලු කරකවමින් සිටින බවය. ඔවුන් දෙදෙනා අතින් තමන් දායක වූ නිර්මාණවලින් අනතුරුව මේ දක්වා කිසිඳු හරිහමන් නිර්මාණයක් බිහි වී නැතැයි ද අරුණ ලියාන් කියා සිටියේය .
කෙසේ නමුත් මෙම සිද්ධියත් සමග රෝහිත ජයලත් සහ රොහාන් ජයලත් දෙදෙනාව සම්බන්ධ කර ගැනීමට අප උත්සාහ කළ ද එය ව්‍යර්ථ වූ අතර මේවන විට මෙම සිද්ධියත් සමග අදාළ එන්තරවාසි ලැබුණු විගස ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකාවේ සිට විදෙස් ගත වී ඇතැයි වාර්තා වේ.
මේ පිළිබද අදහස් දක්වමින් අරුණ ලියාන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥ මඩුල්ල කියා සිටියේ මේ සම්බන්ධව 2003 අංක 36 දරණ බුද්ධිමය දේපල පනත යටතේ වාණිජ මහාධිකරණයේ නඩුවක් ගොනු කරන බවත් එකී නඩු කටයුත්ත අවසන් වන තෙක් ජය ශ්‍රී නමින් සිදු වන සියලු කටයුතු තහනම් කරමින් වාරණ නියෝගයක් ඉල්ලා සිටීමට අවශ්‍ය කටයුතු සුදානම් කරමින් සිටින බවත්ය.
අදාල එන්තරවාසිවලට පිටපත් ද අප වෙත ලැබී ඇත.
අරුණ ලියාන් යනු …
අරුණ ලියාන් යනු ශ්‍රී ලාංකික සංගීත ලෝලීන් හට මතක සිටින ගීත නිර්මාණ ගණනාවක් තිළිණ කල දක්ෂ ශිල්පියකි. ඒ වගේම කාලයක් ‘ජය ශ්‍රී’ සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකි. නමුත් ඔහු පසු කාලීනව ජය ශ්‍රී සමඟ දක්නට නොලැබුනු අතර අරුණ තනිවම මේවන විට ජනප්‍රිය ගීත නිර්මාණ කිහිපයක්ම එළි දක්වා තිබේ.
අරුණ ලියාන්ගේ ‘හද සැලෙනා’ ගීතය පසුගිය 2020 වසරේ දී නව මුහුණුවරකින් ද එළි දක්වා තිබුනි. මේවන විට ඔස්ට්‍රියාවේ සිටින ඔහු, පසුගියදා සිය ෆේස් බුක් පිටුව ඔස්සේ ආන්දෝලානාත්මක කාරණා කිහිපයක් ‘ජය ශ්‍රී’ සංගීත කණ්ඩායම සම්බන්ධයෙන් හෙළි කර තිබුනි.
විශේෂයෙන්ම ‘ජය ශ්‍රී’ සැබෑ නිර්මාතෘ අරුණ ලියාන් බව අදාළ හෙළි කිරීම් ඔස්සේ තහවුරු කෙරේ. ‘ජය ශ්‍රී’ රොහාන් ජයලත් සහ රෝහිත ජයලත් දෙදෙනා වර්තමානයේ ව්‍යාජ අතීතයක් පෙන්වීමට උත්සාහ දරමින් සිටින බවද ඔහු සදහන් කරයි.
අරුණ ලියාන් සිය ෆේස් බුක් පිටුවේ පළ කර තිබූ ආන්දෝලනාත්මක සටහන පහත සදහන් වේ
ජය ශ්‍රී ආරම්භය කෙසේද ..
ජය ශ්‍රී හැදුනේ කොහොමද…
ජය ශ්‍රී කාගෙද…..
පහතින් දැක්වෙන්නේ පසුගිය දිනෙක ශ්‍රී ලංකාවේ සංගීතයට සම්බන්ධ එක්තරා සංගීතවේදියෙක්
“පියමැන්නේ” ගීතය පිළිබඳ ව ලියා තිබු වදන් පෙළකි
(“මගේ පවුලේ ඥාති සොයුරන් වන ජය ශ්‍රී සමඟ අප කල නිර්මාණයක් මේ ” )
මෙය දුටු මට ඉතා කලකිරීමකින් ඔබට මෙලෙස ලියන්න සිතුනි .
පළමුවෙන් ම මෙම ගීත කීපය පිළිබඳව සඳහන් කර සටහන් තබමි
1.පියමැන්නේ
2.සුදු ඇඳුමින්
ශ්‍රී ලංකා
4.ආදර ලොවේ – Nother lonley day (English Version Lyrics )
5ශීලා
මේ ගීත මා විසින් දවස් ගණන් කාලය ශ්‍රමය කැප කර දිවා රෑ නොබලා මාගේ ශබ්දාගාරයේ නිර්මාණය කල ඒවාය
වර්තමාන ජය ශ්‍රී සංගීත කණ්ඩායමේ එක්තරා පුද්ගලයෙක් (උඩ පනිමින් බෝල උඩ දමමින් විසි කිරීමේ කාර්යයේ නියුතු) මේ කාර්යයන් සඳහා කිසිඳු සම්බන්ධ තාවයක් නොමැතිවත් , මේ වන විට කට මැද දොඩවමින් සිටියි
ශබ්දාගාරයේ ද සියලුම භාණ්ඩ වලද අයිතිය සහ ආයෝජනය ද මා සතු වුවත් CDහා කැසට් පටි වල ලාභය තිදෙනා අතරේ සාධාරණව සම සේ බෙදීමට ද එකල මා තීරණ කලෙමි.
මොවුන්ගේ වෙනත් Music Projects මාහට කිසිම අදාලත්වයක් නැත
මා පැහැදිලිව ප්‍රකාශ කරන්නේ ජය ශ්‍රී එකල project එක (1999) පිළිබඳවය
මෙම ගීත වල සංගීත නිර්මාණය සහ තනු ජය ශ්‍රී සංගීත කණ්ඩායම ආරම්භයට අවුරුදු ගණනාවකට පෙර සිට මවිසින් නිර්මාණය කර තිබුණු අතර දිනක් මගේ ආරාධනය පිට පැමිණි ජය ශ්‍රී එක් සාමාජිකයෙකුට එම ගීත ශ්‍රවණය කිරීමට දුන් පසුව ,එම ගීත වලට කැමති වු ඔහු මාගෙන් එම ගීත සුහදශීලීව කැසට් පටයකට පටිගත කර රැගෙන යාමට කැමැත්ත විමසන ලදී.එයට මා කැමැත්ත පල කර ගීත පටිගත කර ඔහුට ලබා දුනිමි
පසු දිනෙක එම තනු වලට පද වැලක් අමුණා ගෙන ඔහු මා වෙත පැමිණ, අනතුරුව මා සමඟ එකතු වී සිදු කල ගී පද සංශෝධනයකින් පසුව ,එම ගීත පටිගත කිරීමට තීරණය කර පටිගත කරන ලදී
එමෙන් ම මොඩ් ගොවියා ඇල්බමයේ අවසාන ගීත දෙක
(මොඩ් ගොවියා සහ පෙරහැර ගීත )
පටිගත කරන අතරේ සංගීත කණ්ඩායමට කිසිදු අවශ්‍යතාවයක් හෝ සහයෝගයක් නොවූ සාමාජිකයාගේ සොහොයුරාද එයට සම්බන්ධ කර ගත්තේ ඔහුගේ බලවත් ඉල්ලීමටය
අති සාර්ථක වූ පළමු ගීත ඇල්බමයෙන් පසු ව අපගේ දෙවැනි ගීත ඇල්බමය සඳහා ද මා ශබ්දාගාරය තුල ඒවන විට කටයුතු සූදානම් කරන ලදී
නමුත් ඉන් පසුව සිදුවූ මුදල් නිසා ආත්මය පවා පවා දෙන්නාක් වැනි අති නින්දිත ක්‍රියාවලියක් නිසා ඇති වුනු කලකිරීම හේතුවෙන් මා ජය ශ්‍රී තුලින් ඉවත් වී එදෙස නිහඬ ව බලා සතුටු උනෙමි.
නමුත් දිගින් දිගට ම යුරෝපයේ වෙසුනද සෝමාලියාවේ ජීවත් වන තරමට මුදල් සම්බන්ධ කාරණාවදී ඔවුන් කටයුතු කලෝය
එමෙන් අවුරුදු ගණනාවක් ම මම නිර්මාණය කල මගේ ගීත පසුව Euro – 850 වැනි සුලු මුදලකට මගේ අනුමැතියද මැතිව ලංකාවේ එකල සුප්‍රසිද්ධ කැසට් පට කලාවේ සංගීත කණ්ඩායමක් සමග පටිගත කර එකල එම සංගීත කණ්ඩායමට සම්බන්ධව සිටි ගායකයෙක් වන ඔහුගේ මස්සිනා ලවා ගායනා කරවා ඉන් ලැබූ මුදල ඔවුන් අතර පමණක් බෙදා ගැනීමට කටයුතු කලේය .
යුරෝපයේ සංගීත කණ්ඩායම් සහ සංගීත ආයතන ලේබල සමඟ කටයුතු කරන මට කෙසේ වෙතත් එවැනි මුදලක අවශ්‍යතාවය හෝ මුදල් කෑදරකමක්ද අදටත් නොමැත.
එසේ වී නම් මේ පිළිබඳව මා ප්‍රකාශ කරන්නෙ වර්තමානයේදී නොවේය ,ඒ අතීතයේදීය
මෙය තවත් එක කරුණක් පමණි .
තවද බොහෝ පිළිකුල් සහගත කරුණු බොහෝය ..
Main & All Guitar Lines
Main Key Board Lines
Main Bass Lines
Music & Melodies
Composing
සියලු සංගීත සංයෝජන වල නිර්මාණකරණයද අයිතිය ද සතුය
මෙම ගීත වල නීතිමය බුද්ධිමය දේපල අයිතිය සපුරා මා සතුය
ඒවා සියල්ල ජාත්‍යන්තර නීති රීතී රෙගුලාසි සම්ප්‍රදායන්ට අනුකූලය
මේ හා සම්බන්ධ ආයතනද මෙම ගීත සඳහා නීතිමය ලෙස බැඳී සිටිති
අවශ්‍ය විටදී සියලු දේ ඔප්පු කිරීමට හැකිබව ද ඉතා වගකීමෙන් පවසමි .
ඒ සඳහා අවශ්‍ය පරිගණක දත්ත දෘඩාංග මෘදුකාංග සංගීත තැටි සියල්ල මා සතුය
අද වන තෙක් මේ කිසිදු දෙයක් පිළිබඳව කිසිවක් ප්‍රකාශ කර ලාභයක් කොටසක් මුදලක් වදනකින් හෝ මා ඉල්ලා නැත .යටි ගිරියෙන් කෑ ගසා නැත
ඒ මක්නිසාද යත් සිදුවූ සියල්ල සාධාරණ සහ නිරවද්‍ය නොවුනත් කාගෙ හෝ බඩ වියතට කුස ගින්නට බඩට පහර ගසා ජීවත් වීම බුදු දහමට නුසුදුසු බැවිනි
මේ ගැන මා කිසිදු ප්‍රසිද්ධ මාධ්‍යයක හෝ ඉදිරිපත් කර නොමැත.
දන්නෝ සියල්ල මේ වනවිටත් හොඳ හැටි දැනගෙන හමාරය
සියල්ල යටපත් වී තිබුණේ මාගෙ නිහඬ බව නිසාවෙනි මුදලට වඩා මිතුදම අදටත් මා අගය කරන කාරණාවකි
නිර්මාණශීලිත්වය ශක්තිය ශ්‍රමය කැපවීම හෑල්ලුවට ලක් කරමින් මොවුන් මෙලෙස ඉතා පහත් ලෙස හැසිරෙනවා නම් මා තවදුරටත් නිහඬ වී සිටීමෙන්ද කිසිදු පලක් නැත
සැ යු :-
ශීලා ,පියමැන්නේ ,සුදු ඇඳුමින්, ආදර ලොවේ වැනි වූ
අදටත් ජනප්‍රිය ආවේණික හඬ මුසු වූ ගීත හැර නූතන ජය ශ්‍රී කණ්ඩායම සතු වූ ඔවුන් දෙදෙනා විසින් සිදු කල ජනප්‍රිය සංගීත නිර්මාණ මේ වන විට ඔවුන් සතුව ඇත්ද
හැකි නම් නිර්මාණ වලට නිර්මාණ වලින් පිළිතුරු දෙන්න
එදා නිර්මාණය කල ගීත සතු වූ ආවේණික හඬ ස්වර වදන් රටා හැකි නම් නැවත දෙන්න
මඩ සහ පුහු බොරු ප්‍රචාර තුලින් වීරයන් නොවන්න
උතුම් මනුෂ්‍යත්වයේ හැසිර මිය යන්න
ජය ශ්‍රී!
ඉදිරි අනාගතයේ මා නිර්මාණ කල මගේ ගීත , අලුත්ම ඇල්බමයක් තුලින් ඔබට පිරිනැමීමට සුදානම්ය.
ස්තුතියි !
ජය ශ්‍රී
අරුණ ලියාන්