ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (25) ජාතිය අමතමින් ප්‍රකාශ කරේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් 2015 දී යහපාලන ආණ්ඩුව වෙත පාලනය භාරදෙන විට, මෙරට ආර්ථික වර්ධනය 7% ක් වූ බවයි.
එසේම එම වර්ධන වේගය ආසියාවේ චීනයට පමණක් දෙවන වූ බවත් ජනාධිපතිවරයා පැවසීය.
නමුත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වලට අනුව එවකට ආර්ථික වර්ධන වේගය 5% ක් වූ අතර ඉන්දියානු දත්ත වලින් පෙන්නුම් කරන්නේ එරට ආර්ථික වර්ධනය 2014 දී 7.4% ක් සහ 2015 දී 8% ක් බවයි.
ඒ අනුව ජනාධිපතිවරයාගේ ප්‍රකාශය මුලුමනින්ම අසත්‍යයකි.
පාසල් 10,000ට ෆයිබර් ඔප්ටික් පහසුකම දුන් බව ජනපති කියයි: තව ඉතිරි 165යි
මේ අතර ශ්‍රී ලංකාවේ පාසල් 10,000කට ෆයිබර් ඔප්ටික් පහසුකම දුන් බවත් මෙය දුරස්ථ අධ්‍යාපනය සාර්ථක කරගැනීම සඳහා දායක වූ බවත් ජනාධිපති ජාතිය ඇමතීමේ අවස්ථාවේදී ප්‍රකාශ කළේය. එමෙන්ම තව තවත් පාසල් මෙම වැඩසටහන සඳහා එක්කරගනිමින් සිටින බවද ජනාධිපතිවරයා අවධාරණය කරයි.
මෙරට රජයේ පාසල් ඇත්තේ 10,165වන නිසා ජනාධිපතිවරයා පවසන පරිදි, අධිවේදී දුරකථන සහ අන්තර් ජාල පහසුකම් සහිත ෆයිබර් ඔප්ටික් පහසුකම ලබාදීමට තවත් ඉතිරිව ඇත්තේ පාසල් 165ක් පමණි.
ජනාධිපතිවරයාගේ එන්නත්කරණ ඉලක්කය ප්‍රායෝගික ද?
මේ අතර ජනාධිපති ජාතිය අමතමින් ප්‍රකාශ කළේ මෙම වසරේ සැප්තැම්බර් අග වන විට මිලියන 13 ක ජනතාවට එන්නත්කරණය කර අවසන් කළ හැකි බවයි.
එසේම වයස අවුරුදු 30 ට වැඩි සෑම කෙනෙකුටම සැප්තැම්බර් අවසානයේ එන්නත සම්පූර්ණයෙන් ම ලබා දිය හැකි බවයි.
****මෙය කළ හැකි ද?
ජනාධිපතිගේ ඉල්ලක්කය අනුව පුද්ගලයන් මිලියන 13ක් (එන්නත් මාත්‍රා මිලියන 26ක්) සඳහා එන්නත් සැප්තැම්බර් 30 වන විට ලබා දීමට නම්, ඊයේ දින සිට (ජූනි 25) දින 98 ක් ඇත.
දින 98ක් තුළ එන්නත්කරණය අවසන් කිරීමට නම් දිනකට මාත්‍රා 265,000ක අවමයක් එන්නත්කරණය කළ යුතුය.
නමුත් වර්තමාන වන විට දිනකට එන්නත් මාත්‍රා 50,000ක් වත් ලබා දෙන්නේ නැත.
*** පසුගිය 24 වන දින ලබා දී ඇත්තේ එන්නත් මාත්‍රා 17,426ක් පමණි.
ඒ අනුව ජනාධිපතිවරයා ප්‍රකාශ කරන පරිදි සැප්තැම්බර් මස අවසානය වන විට එන්නත් මාත්‍රා මිලියන 26ක් ලබා දිය හැකි ද?
(දත්ත: Epidemiology Unit, Ministry of Health Sri Lanka)