logo
Info Sri Lanka | www.infosrilanka.lk

ජනාධිපතිගේ ජාතිය අමතා කළ කතාව නිසා රාජතාන්ත්‍රික අවුලක්

ජනාධිපතිවරයාගේ කතාවේ වාක්‍යක රාජ්‍යතාන්ත්‍රික භාවයේ ප්‍රශ්නයක් ඇති බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි. ඒ ජනාධිපතිවරයා ජාතිය ඇමතීමේදී වසංගතයේ ආරම්භය චීනය බවත් එය ලොව පුරා පැතිරුණේ චීනයෙන් බවත් හැඟීයන ආකාරයට ප්‍රකාශ කර සිටිමය.

ජනාධිපති සිදුකළ කතාවේ මෙසේ සඳහන් වෙයි.

“මා ජනාධිපතිවරයා වශයෙන් පත් වී මාසයක් ගතවන්නටත් පෙර කොවිඩ් 19 වසංගතය චීනයෙන් ආරම්භ වී ලොව පුරා පැතිරෙන්නට පටන් ගත්තා.”

මේ බව පෙන්වා දෙමින් විචාරකයන් පවසන්නේ කොරෝනා වෛරසය , වසංගතයක් ලෙස පැතිර යාමෙන් පසු චීනය විසින් ඔවුන් එය පාලනය කිරීමට කටයුතු කරන අතරම රාජ්‍යතාන්ත්‍රිකව එය ආරම්භ වූයේ චීනයෙන් නොවන බවට ලෝකය දැනුවත් කිරීමට විශාල පරිශ්‍රමයක් දැරූ බවය.

මෙම නිශ්චිත මොහොතේ පවා චීනයේ නිල ස්ථාවරය වන්නේ වෛරසය පැතිරීම ආරම්භ වූයේ චීනයෙන් නොවන බව යයිද දේශපාලන විචාරක මතය වී තිබේ.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන ආකාරයට ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙය චීන වෛරසය ලෙස නවීකරණය කළ ද එය චීනයෙන් ආරම්භ වූවා යන කතාව නොකිරීමට පරිස්සම් වූ බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයත් ඇමරිකාවේ නව පරිපාලනය විසිනුත් විධිමත් පරීක්ෂණ කීපයක්ම පැවැත්වීමට කටයුතු කළත් තාමත් චීනය මෙහි ආරම්භය ලෙස නිල වශයෙන් පිළිගෙන නැත.

මෙම තත්ත්වය ලෝක දේශපාලනයේ තිබියදී ජනාධිපති විසින් මෙසේ පැවසීම සම්බන්ධව චීන ප්‍රතිචාරය කෙසේ වේදැයි ප්‍රශ්නයක් තිබෙන බව විචාරක අදහසයි.

මේ මත දැක්වීම චීනය කෙතරම් ඉවසයි ද යන්න අපට දැනගැනීමට හැකිවන්නේ ඉදිරියේදී ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඔවුන් කටයුතු කරන ආකාරය අනුව බවත් දේශපාලන විචාරකයන් පවසයි.

රටේ රාජ්‍ය නායකයාගේ කතාවක් සැකසීම සහ ඊට සහභාගී වන උපදේශකයන් කතාවේ වචන, පෙළගැස්ම සහ අන්තර්ගතය ගැන කොතරම් සැලකිලිමත් වූවාද යන ප්‍රශ්නය මෙහිදී ඇතිවන බවත් ඔවුන් මතුකර දක්වයි.

Related news

ප්‍රශ්න උග්‍ර වෙයි: ශ්‍රීලනිප කොටසක් දැඩි තීන්දුවක

administrator

පොලිසියේදී වධ දී මරා දැමූ ‍චදික් වික්‍රමාරච්චි වෙනුවෙන් මිලියනයක වන්දියක් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරයි

administrator

විරෝධතා පලදරයි: කොතලාවල විශ්ව විද්‍යාලය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට

administrator

මුදල් අමාත්‍යංශයේ රවීගේ වාර්තාවක් බැසිල් කඩලා

administrator

රිෂාඩ්ගේ ගෙදර මෙහෙකාර සේවයට යෙදවූ, පිලිස්සී මියගිය දැරිවියට ලිංගික අතවර වෙලා

administrator

වියත් ලේබල් ගොඩහේවාගෙන් අමාත්‍යංශ කෑල්ලක් ගලවයි: පවුලේ ශෂීන්ද්‍රට තවත් කෑල්ලක්

administrator