චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවන සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සැමරුම් කාසියක් නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා.
වෙනත් රටක දේශපාලන පක්ෂයක සංවත්සරයක් වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සැමරුම් කාසියක් මෙසේ නිකුත් කරන්නේ මහ බැංකු ඉතිහාසයේ ප්‍රථම වතාවටයි.
විදේශ රටවල් සමඟ තීරණාත්මක සම්බන්ධතා සලකුණු කරමින් සැමරුම් කාසි නිකුත් කිරීම සාමන්‍ය තත්ත්වයක් වුවත් වෙනත් රටක දේශපාලන පක්ෂයක සැමරුමක් වෙනුවෙන් කාසියක් නිකුත් කර නොමැති බවයි පැවසෙන්නේ.
මහ බැංකු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු මේ තීරණය සනාථ කර ඇති මුත් වැඩිදුර තොරතුරු අනාවරණය කර නොමැති බව අද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබෙනවා.
චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවන සැමරුම වෙනුවෙන් චීන මහ බැංකුව විසින් සමරු කාසි නිකුත් කිරීම පසුගිය සදුදා ආරම්භ කර ඇත. ඒ අනුව රන් කාසි තුනක්, රිදී කාසි පහක් හා තඹ කාසියක් චීන බැංකුව විසින් නිකුත් කර ඇත.