logo
Info Sri Lanka | www.infosrilanka.lk

කෝවිඩ් තහනම් ‘හාදුවක්’ නිසා එංගලන්තයේ ඇමතිවරයකු ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ඇමති මැට් හැන්කොක් (Matt Hancock) සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. ඒ, කොවිඩ් වසංගත හේතුවෙන් බ්‍රිතාන්‍ය තුළ දැඩි නීති පනවා තිබු පසුබිමක එම නීති උල්ලංඝණය කළ බවට පිළිගනිමින්.

බ්‍රිතාන්‍යය සෞඛ්‍ය ඇමතිවරයා සිය කාර්යාලයේ සේවිකාවක් සිප වැලඳ ගන්නා අයුරු දැක්වෙන ජායාරූපයක් පසුගියදා එරට පළවන “The Sun” පුවත්පත විසින් පළ කර තිබිණ.

“වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා අපි රටක් ලෙස බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කළා. කොවිඩ් වසංගතයේදී බොහෝසෙයින් කැපවීම් කළ පුද්ගලයින්ට අප ණයගැති. නමුත් ඔවුන් ගේ විශ්වාසය බිඳ වැටෙනවා එය පැනවූ මා විසින්ම නීති උල්ලංඝණය කිරීම නිසා” සිය ඉල්ලා අස්වීමට හේතුව සෞඛ්‍ය ඇමති මැට් හැන්කොක් සිය ලිපියේ සඳහන් කර ඇත.

ඊයේ දිනයේදී සෞඛ්‍ය ඇමතිවරයා විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට භාරදී තිබු අතර ඊට ප්‍රතිචාර දක්වමින් අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, එම ලිපිය ලැබීම ගැන තමන් කණගාටු වන බවයි.

එමෙන්ම වසංගතයට එරෙහි සටනේදී ලද සහය සම්බන්ධයෙන් ද බ්‍රිතාන්‍යය අගමැතිවරයා විසින් මැට් හැන්කොක් වෙත සිය ස්තුතිය පළකර තිබෙන බව බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කර තිබේ.

Related news

ප්‍රශ්න උග්‍ර වෙයි: ශ්‍රීලනිප කොටසක් දැඩි තීන්දුවක

administrator

පොලිසියේදී වධ දී මරා දැමූ ‍චදික් වික්‍රමාරච්චි වෙනුවෙන් මිලියනයක වන්දියක් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරයි

administrator

විරෝධතා පලදරයි: කොතලාවල විශ්ව විද්‍යාලය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට

administrator

මුදල් අමාත්‍යංශයේ රවීගේ වාර්තාවක් බැසිල් කඩලා

administrator

රිෂාඩ්ගේ ගෙදර මෙහෙකාර සේවයට යෙදවූ, පිලිස්සී මියගිය දැරිවියට ලිංගික අතවර වෙලා

administrator

වියත් ලේබල් ගොඩහේවාගෙන් අමාත්‍යංශ කෑල්ලක් ගලවයි: පවුලේ ශෂීන්ද්‍රට තවත් කෑල්ලක්

administrator