fbpx

“අපි ෆේල්” මහින්දානන්ද පිළිගනියි: හාල් වලින් “පාස්” වෙන්න හදන්නේ.

HotLocal

මහාපරිමාණ සහල් නිෂ්පාදකයින් කීරිසම්බා වී කිලෝව රුපියල් 80 – 90ට මිලදීගෙන මේ වනවිට එම සහල් කිලෝවක් රුපියල් 240ට විකුණමින් අධික ලාභ උපයමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

නිවේදක – කවද්ද පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂය ලංකාවට එන්නෙ ?

“තාම අපි ආනයනය කරන්න බලපත්‍රයක් කාටවත් දීලා නෑ. ආනයනය කරන්න වෙළඳ ඇමතිතුමා ඉල්ලීමක් කළා, තාම අපි ආනයනය කරන්න තීන්දුවක් අරගෙන නෑ. අපි හාල් ආනයනය කරන්නෙ නෑ, අපට හාල් අපනයනය කරන්න පුළුවන්. මොකද අපට හාල් එච්චර නිෂ්පාදන අතිරික්තයක් තියෙනවායි කියලා මං ඔබට කියනවා. ඒ ස්ථාවරයේ මං අදත් ඉන්නවා. වැඩි මිලට අපි මිල සහතික කරලා තියෙනවා. සතොස ඇතුළු සියලු ආයතනවලට 93ට රතු හාල් ටිකත් 94ට සම්බා කිලෝ එකත් දීලා අපි මිල පාලනය අරගෙන ආවා. දැන් මගෙ ළඟ හාල් නෑ. දැන් හාල් ඉවරයි. දැන් මොකක්ද මේ ගොල්ලො කළේ ? 60 – 65ට ගත්තු වී මෝල් මහත්තුරු ටික වැඩි කළා 130ට 140ට. ඔබ දන්නවාද මේගොල්ලො ගොවියන්ගෙන් ගත්තෙ මං ගිහින් බැලුවා පොලොන්නරුවෙ 80 – 90 යි. අද කීරි සම්බා කිලෝ එක 240 යි ! රුපියල් 80ට ගත්ත කීරි සම්බා කිලෝ එක 240 යි !!”

නිවේදක – ඉතිං ඔබ අපට කියනවා 240යි කියලා. ඔබ ෆේල් නේ ? ඔබ ඇතුළු ආණ්ඩුව ෆේල් නේ ?

“ඉතිං ඒක තමයි. පාස් වෙන්න නෙ හදන්නෙ, පොඩ්ඩක් ඉන්නකෝ … ඒක තමයි කියන්නෙ.

නිවේදක – 240 යි …

“ඒක තමයි මං ඔබට කියන්නෙ. අද කිලෝ එක 240යි. මොකද හේතුව වැඩි මිලට අපි මිල සහතික කරලා තියෙනවා. දඩ ගැහුවාම අපේ රටේ නීතිය අනුව අපට දඩගහන්න පුළුවන් වැඩි මිලට වික්කොත් රුපියල් 2500යි. 2500 ගැහුවාම වී මෝල් හිමියා ඒක ගෙවනවා. එහෙම තමයි අපේ රටේ නීති හදලා තිබුණෙ. අද මම කැබිනට් මණ්ඩලයේ අපේ වෙළඳ ඇමතිතුමාට යෝජනා කරලා අනුමත කළා, මින් ඉදිරියට හාල් වැඩි මිලට විකුණුවොත් දඩ ගහන මුදල අද ලක්ෂයට වැඩි කරලා තියෙනවා. අපි හාල් ආනයනය කරනවායි කියලා බන්දුල ඇමතිතුමා ප්‍රකාශ කළාට පහුවදා වෙළඳපොලේ හාල් කිලෝ එක රුපියල් 10කින් අඩු වුණා. වී කිලෝ එක රුපියල් 7කින් බැස්සා. ගෙනාවෙ නෑ, කිව්වා විතරයි !”

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසුවේ පෙරේදා (28) හිරු රූපවාහිනී නාලිකාවේ පැවති සජීවී සංවාදයකට එක්වෙමිනි.

Leave a Reply