Info Sri Lanka News | www.infosrilanka.lk

මහ මුහුද මැද හදිසියේ විශාල ගින්නක්

මෙක්සිකෝ රජයට සම්බන්ධ සමාගමකට අයත් මෙක්සිකෝ බොක්කෙහි සාගර පතුල ඔස්සේ විහිදන පරිදි ඉදිකර තිබූ ගෑස් නල පද්ධතියක සිදු වූ කාන්දුවකින් මහ මුහුද මැද ගින්නක් ඇති තිබේ.

සාගර පතුලේ සිට කාන්දු වූ වායූන් ජලය තුළ දීම ගිනි ගැනීමට ලක් වුණු අතර මේ හේතුවෙන් සාගරයේ විශාල ප්‍රදේශයක් පුරා ගින්න පැතිරී පැවතුන අතර එහි උෂ්ණත්වය කොපමණ ද කිවහොත්, එම ප්‍රදේශය පුරා සාගර ජලය බුබුළු දමා පැසෙමින් පැවැති බව විදෙස් මාධ්‍ය පවසයි.

මේ හේතුවෙන් ගින්න පාලනය කිරීම සඳහා එම ස්ථානයට ලඟා වීමට පවා අදාළ ගැලවුම්කාර අංශවලට මහත් අසීරු විය.

කෙසේ වෙතත් මේවන විට එය පාලනය කිරීමට සමත්ව ඇති බව වාර්තාවන අතර ඒ සඳහා පැය 05කට ආසන්න කාලයක් ගත වූ බව වාර්තා වේ.

මෙම ගින්න හේතුවෙන් ජලය අධික උෂ්ණත්වයකට ලක් වීම නිසා මේ වනවිට සාගර ජීවීන් විශාල ප්‍රමාණයක් විනාශ වී ඇතෙයි අනුමාන කරයි.

Related news

කැබිනට් සංශෝධනයක්; ප්‍රබලයන් රැසක තටු ගැලවේ.

administrator

මහ බැංකුව සල්ලි කුණු දෙන්න කෙනෙක් හොයයි.

administrator

මෙරට ලිංගික ශ්‍රමිකයන් ගැන මෛත්‍රීපාල නව සොයාගැනීමක් කරලා!

administrator

Fact Check සඳුන් PMD එකට ගිය හේතුව මෙන්න; පුවත් වල ඇත්ත-නැත්ත හොයන්න ජනාධිපති ඒකකයක්!

administrator

රණවීරගේ පුත්‍රයාට පොහොට්ටුවේ දේශපාලන ඇකඩමියෙන් ශිෂ්‍යත්වයක්!

administrator

වාහන ගෙන්නපු DIMO සමාගම ඖෂධ ආනයන සමාගම් දෙකක් මිලදී අරන්.

administrator