fbpx

ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාගත් අයට හෙට සිට ෆයිසර් එන්නත

COVID-19HealthHot

ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට එහි දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීම හෙට සිට ආරම්භ කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව දැනට මෙරටට ලැබි ඇති ෆයසිර් එන්නත් මාත්‍රා 26,000 ක් කොළඹ 1 සිට 15 දක්වා වූ ප්‍රදේශවල වයස අවුරුදු 55 ට වැඩි පුද්ගලයින්ට ලබා දීම හෙට සිට ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසිය.

අදාළ කළාපවල පදිංචි වයස අවුරුදු 55 ට වැඩි ජනතාවට ෆයිසර් එන්නත ලබාදෙන දිනය, වේලාව හා ස්ථානය දුරකථන කෙටි පණිවුඩයක් මගින් දැනුම්දෙන බවද යුද හමුදාපතිවරයා වැඩි දුරටත් සදහන් කළේය.

Press 33

මේ අතර මෙරට තවත් පුද්ගලයින් එක් ලක්ෂ 33,215 දෙනෙකුට ඊයේ දිනයේදී සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මේ දක්වා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති මෙරට සමස්ථ පුද්ගලයින් ගණන විසි ලක්ෂ 64,929 කි.

සයිනොෆාම් දෙවන මාත්‍රාවද පුද්ගලයින් 18,477 දෙනෙකුට ඊයේ දිනයේදී ලබා දී ඇත. ඒ අනුව පුද්ගලයින් අට ලක්ෂ 70,446 දෙනෙකුට සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නතේ දෙවන මාත්‍රාව මේ වන විට ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය වැඩි දුරටත් සදහන් කළේය.

Leave a Reply