Info Sri Lanka News | www.infosrilanka.lk

ආණ්ඩුවේ අර්බුධය: මහින්ද සැලුන් දොර අරියි: ගෝඨාභය සඳුදා සිට පසුපෙළ හමුවෙයි

ආණ්ඩුව ප‍්‍රසිද්ධියේම හෑල්ලූවට ලක්කරන මැති ඇමැතිවරුන්ට ආණ්ඩුවෙන් ඉවත්ව යෑමට දොර විවෘත කරන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කළේය.

අගමැතිවරයා පෙන්වා දෙන්නේ ආණ්ඩුව තුළ ගැටලුවක් ඇතිනම් ඒ බව ඇතුළේ නොකියා ප්‍රසිද්ධියේ කීම පිළිගත නොහැකි බවකි.

අග‍්‍රාමත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

ආණ්ඩුවේ ප‍්‍රශ්නයක් තියෙනවානම් ඒ ගැන නොකියා එය රටට ප‍්‍රසිද්ධ කරන ක‍්‍රමවේදය කවුරුත් පිළිගන්නේ නැහැ.

මෙහෙම ප‍්‍රසිද්ධ කරන්නේ විශාල ප‍්‍රචාරයක් ලබාගෙන ජනතාවගේ සැබෑ වීරයෙක් වගේ පෙනී සිටීමටයි.’ යනුවෙන් අගමැතිවරයා කියා සිටියේය. 

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සාකච්ජා වටයක් සදහා ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් කැදවා ඇති බව දැනගන්නට ඇත.

මෙහිදී කණ්ඩායම් වශයෙන් මෙම මන්ත්‍රීවරුන් කැදවීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ලබන සදුදා සිට පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම සාකච්ජාවලදී ආණ්ඩුවේ ඉදිරි ගමන පිළිබද වැඩි අවධානයක් යොමු වනු ඇති බව දැනගන්නට ඇත.

Related news

මහ බැංකුව සල්ලි කුණු දෙන්න කෙනෙක් හොයයි.

administrator

මෙරට ලිංගික ශ්‍රමිකයන් ගැන මෛත්‍රීපාල නව සොයාගැනීමක් කරලා!

administrator

Fact Check සඳුන් PMD එකට ගිය හේතුව මෙන්න; පුවත් වල ඇත්ත-නැත්ත හොයන්න ජනාධිපති ඒකකයක්!

administrator

රණවීරගේ පුත්‍රයාට පොහොට්ටුවේ දේශපාලන ඇකඩමියෙන් ශිෂ්‍යත්වයක්!

administrator

වාහන ගෙන්නපු DIMO සමාගම ඖෂධ ආනයන සමාගම් දෙකක් මිලදී අරන්.

administrator

බිග් බෑශ් ලීගයට වසර 07කට පසු ශ්‍රී ලාංකිකයෙක්

administrator