විරෝධතාවයේ යෙදෙන පුද්ගලයින්ව නිරෝධායන පනතේ විධි විධාන උපයෝගී කර ගනිමින් මර්ධනය කිරිමට කටයුතු කරන බවට පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන් අද චෝදනා කර සිටියා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රශ්න කරමින් කියා සිටියේ බලහත්කාර ලෙස නිරෝධායන පනතට මුවාවී පොලිසිය විසින් සාමාන්‍ය ජනතාව පැහැර ගෙන යෑමක් බවයි.
” වෘත්තීය සමිති විසින් පවත්වනු ලබන විරෝධතා මර්ධනය කිරිමට පොලිසිය විසින් කටයුතු කර තිබෙනවා. එහිදී විරෝධතාකරුවන් අධිකරණයෙන් ඇප ලබාදීමෙන් පසුව PCR පරීක්ෂණයක් සිදුනොකොට නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. PCR පරීක්ෂණයක් නොකර කිසිම අයෙක්ව නිරෝධායනයට යොමු කරන්න විදිහක් නෑ” යැයි මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මෙහිදී කියා සිටියා.
“නිරෝධායන රීති සම්බන්ධයෙන් නිසි බලධාරියා වන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයායි. නමුත් එවැනි රීතින් වලට මුවා වෙලා ජනතාවගේ අයිතිවාසිකමක් වන විරෝධතාවය පැවැත්වීමේ මුලික අයිතවාසිකම් කඩ කිරීමට ඉඩ දිය නොහැකි” විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වන සරත් වීරසේකර ඇමතිවරයා….
”නීතිය කඩ කරනවා නම් තරාතිරම කුමක් වුවත් ක්‍රියා කරනවා . සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් රැස්වීම් උද්ඝෝෂණ තියන්න අවසර දෙන්න එපා කියලා පොලිස්පතිතුමාට කියලා තියෙනවා. උද්ඝෝෂණ කරන අය අප මීට පස්සෙත් අත්අඩංගුවට ගන්නවා. නිරෝධායන කළ යුතු බව කියන්නේ සෞඛ්‍ය නිලධාරීන්. අපි ඒ අය මුලතිව් අරන් ගියේ සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් අනුව. මම කාන්තාවන්ට ඇඳුම් අරන් ගියේ නෑ . ඒ අය භාණ්ඩ නැහැ කියලා මට කිව්වා .මම ඒ ගැන පොලිස්පතිතුමාට කිව්වා පමණයි. මෙතනදිත් මම ඒක කළා නම් ඔබතුමාලා ස්ටාලින්ට ඇඳුම් අරන් ගියා කියලා කියාවි. කවුරු කිව්වත් අපි නිරෝධායනය නවත්වන්නේ නෑ. නිරෝධායන නීති කඩකරමින් උද්ඝෝෂණය කරන අය අත්අඩංගුවට ගැනීමත් අපි නවත්වන්නේ නැහැ.” යනුවෙන් පැවසීය.