logo
Info Sri Lanka | www.infosrilanka.lk

විරෝධතා හමුවේ ආණ්ඩුව පසුබසියි: හදිසියේ ගෙනා කොතලාවල පණතේ ඡන්ද විමසීම කල් යයි

පසුගිය ජූලි 08දා පාර්ලිමේන්තුවේ දී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත විවාදයට ගෙන එදිනම ඡන්ද විමසීම පැවැත්වීමට ආණ්ඩුව කටයුතු යොදා තිබුණත්, රට පුරාම මතු වූ විශාල විරෝධතා හමුවේ මෙහි ඡන්ද විමසීම අගෝස්තු මාසය දක්වා කල් දැමීමට පියවර ගෙන ඇත.

කොවිඩ් තත්ත්වය යොදාගෙන රට තුළ පනත සංවාදයට ලක් වීමට ඉඩ නොතබා කඩිමුඩියේම සම්මත කර ගැනීම ආණ්ඩුවේ අරමුණ විය.

පසුගිය 06දා කොරෝනා රෝග අවදානමක් ඇති වන ආකාරයට මහජනතාව වැඩි වශයෙන් ඒකරාශීවන පොදු රැස්වීම්, උද්ඝෝෂණ වැනි ක්‍රියාකාරකම් නැවත දැනුම් දෙන තුරු තහනම් කර ඇති බව පොලිස් මූලස්ථානය විසින් නිවේදනය කර තිබිණි. එසේ තිබිය දී පවා කොතලාවල පනතට එරෙහිව 08 වැනිදා පෙරවරුවේ පාර්ලිමේන්තු මාවතේ ද, නුගේගොඩ නගරයේ ද, පානදුර, ගාල්ල, අකුරැස්ස, අම්බලන්තොට, කෑගල්ල, රත්නපුර, කුරුණෑගල, හලාවත, අනුරාධපුර, පොළොන්නරුව ජයන්ති පුර, බදුල්ල, වැල්ලවාය, මාතලේ, පිළිමතලාව, හැටන්, අම්පාර ආදී වශයෙන් රට පුරා තවත් නගර ගණනාවක විරෝධතා පැවැත්විණි. නගරවල පැවැති උද්ඝෝෂණ වැඩි ප්‍රමාණයක් සංවිධානය කොට තිබුණේ, ජනතා විමුක්ති පෙරමුණ විසිනි. පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ උද්ඝෝෂණයට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව හා වෘත්තීය සමිති එක්ව සිටි අතර එයට විශාල පොලිස් මර්දනයක් ක්‍රියාත්මක විය. එහි දී 31 දෙනකු පොලිස් අත් අඩංගුවට ගන්නා ලදී.

අකුරැස්ස නගරයේ විරෝධතාකරුවන් 11 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර, හැටන් නගරයේ විරෝධතාකරුවන් 4 දෙනෙක් අත් අඩංගුවට ගෙන ඇත.

Related news

ප්‍රශ්න උග්‍ර වෙයි: ශ්‍රීලනිප කොටසක් දැඩි තීන්දුවක

administrator

පොලිසියේදී වධ දී මරා දැමූ ‍චදික් වික්‍රමාරච්චි වෙනුවෙන් මිලියනයක වන්දියක් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරයි

administrator

විරෝධතා පලදරයි: කොතලාවල විශ්ව විද්‍යාලය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට

administrator

මුදල් අමාත්‍යංශයේ රවීගේ වාර්තාවක් බැසිල් කඩලා

administrator

රිෂාඩ්ගේ ගෙදර මෙහෙකාර සේවයට යෙදවූ, පිලිස්සී මියගිය දැරිවියට ලිංගික අතවර වෙලා

administrator

වියත් ලේබල් ගොඩහේවාගෙන් අමාත්‍යංශ කෑල්ලක් ගලවයි: පවුලේ ශෂීන්ද්‍රට තවත් කෑල්ලක්

administrator