දැනට රටවල් 30කට වැඩි ගණනාවක පසුගිය සති 4ක කාලයේ සිට සීඝ්රයෙන් පැතිර යන පේරු මාදිලිය හෙවත් ලැම්ඩා කොවිඩ් වෛරසය ඇතුළුව අවධානයට ලක්විය යුතු නව මාදිලි 7ක් ලෝක සෞඛ්‍ය සංවිධානය නම්කර ඇත.
දැනට පවතින මාදිලිවලට වඩා දැඩි විනාශකාරී පැතිර යාමක් දක්වන මේ නව වෛරස ආසාදිතයන් රටට ඇතුළුවීම පාලනයට සියලු පූර්ව ආරක්ෂණ පියවර ගෙන ඇති බව නියෝජ්‍ය සෞඛ්‍යසේවා අධ්යක්ෂ හේමන්ත හේරත් කියයි.
මෙම නව මාදිලි Epsilon B.1.427/ B.1.429, Zeta P.2, Eta B.1.525, Theta P.3, Iota B.1.526, Kappa B.1.617.1 සහ Lambda C.37 ලෙස නම්කර තිබේ.
මේ අතර කොවිඩ් 19 ඇතුළු සියලුම කොරෝනා රෝග මර්දනය කිරිමට සමත් සර්වලෝක එන්නතක් නිපදවීමට අමෙරිකාවේ ඩියුක් සරසවියේ විද්‍යාඥයන් පිරිසක් සමත්ව තිබේ. සාර්වත්‍ර කොරෝනා එන්නත – pan-coronavirus vaccine, ලෙස නම් කර ඇති මේ නව එන්නත මගින් දැනට ඇති එන්නත්වලින් සිදුකෙරෙනවාට වඩා ප්‍රතිදේහ අධික ප්‍රමාණයක් නිපදවීමට සමත් බවත් එය සියයට 100ක්ම කොවිඩ්19 රෝගය වැළැක්වීමට සමත් වූවක් බවත් තහවුරු වී ඇත. එසේම මේ එන්නත විවිධ විපරීතයන්ට ලක්වෙමින් අලුත්වෙන කොවිඩ් නව මාදිලි මඬින්නටද සහමුලින්ම සමත් බව මේ විශ්ව කර්ම සොයා ගැනීමේ ප්‍රධාන පර්යේෂණ විද්‍යාඥ වෛද්‍ය බාර්ටන් එෆ්. හෙයින්ස් කියා තිබේ. මෙහි යොදා ෙගන ඇත්තේ නැනෝඅංශු මත රැඳවූ වෛරස ප්‍රෝටීන කොටස්ය.
මේ නව එන්නත මඟින් කොවිඩ්19 (SARS-CoV-2) කොරෝනා වෛරස රෝගය පමණක් නොව සාර්ස් (SARS-CoV-1), මර්ස් (MERS-CoV) වැනි අප දැනට දන්නා වෙනත් කොරෝනා වෛරස රෝග සඳහාත්, ඉදිරියේදී වවුලන්, වඳුරන් වැනි සතුන් තුළින් අපේ ශරීරගතව අපට වසංගත ලෙඩ සෑදීමට හැකි වෙනත් කොරෝනා වෛරස සියල්ලටමත් එරෙහිව ප්‍රතිශක්තියක් හටගන්වන බව මූලික පර්යේෂණ මගින් සනාථ වී හමාරය.