15 හැවිරිදි දැරිය සිය ලිංගික කටයුතු සඳහා ලබාගත් සහ ඊට ආධාර අනුබල දුන් 35දෙනකු දැනට අත්අඩංගුවට ගෙන ඇති අතර ඉදිරියේදී තවත් බොහෝ පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වෙයි.
එම පිරිස් අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයෙක්, උසස් පොලිස් නිලධාරියෙකු ඇතුළු පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක්, ගායකෙයක්, ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක්ද සිටින බව වාර්තා වෙයි.
බාලවයස්කාර දැරියන්, කාන්තාවන් ඇතුළු 5000කට ආසන්න පිරිසක් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමට අන්තර්ජාලය ඔස්සේ අදාළ දැන්වීම් පළකර තිබෙන බවද පොලිසිය විසින් කරන ලද විශේෂ තාක්ෂණික පරීක්ෂණයකදී හෙළිදරව් වී ඇත.
අන්තර්ජාලය ඔස්සේ 15 හැවිරිදි දැරියක් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝග පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.කේ. සේනාරත්නගේ අධීක්ෂණය යටතේ විශේෂ තාක්ෂණික පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
එහිදී දැරියන් සහ කාන්තාවන් මුදලට අලෙවි කිරීමට අදාළ වෙබ් අඩවි රැසක් හඳුනාගෙන තිබෙන අතර එහි ප්‍රධාන වෙබ් අඩවිය තුළ පමණක් විවිධාකාර ගැනුම්කරුවන් 5000ක් ආසන්න පිරිසක් ඇතුළත් වී සිටි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය කරගෙන ඇත.
ඒ සම්බන්ධයෙන් අධිකරණය වෙත දැනටමත් කරුණු වාර්තා කර ඇති අතර අදාළ දැන්වීම් පළකරන ලද වෙබ් අඩවි රැසක් තහනම් කිරීමට අදාළ නියෝගයක්ද ලබා ගෙන තිබේ.