logo
Info Sri Lanka | www.infosrilanka.lk

විමල්ගේ සහ ගම්මන්පිලගේ ඇමතිකම් වල කෑලි ගලවයි: ගම්මන්පිලගෙන් ප්‍රතිචාරයක්

කැබිනට් අමාත්‍යවරුන් වන විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන අයගේ අමාත්‍යාංශවල විෂය පථයන්හි නව වෙනස්කම් සිදුකිරීමට නියමිත බව සති අන්ත දිවයින පුවත්පත වාර්තා කරයි. ඒ අනුව ඔවුන්ගෙන් ඉවත් කරන ලද එම විෂය පථයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසකට තවත් ඇමතිධූර කිහිපයක් නිර්මාණය කිරීමට යොදාගනු ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වෙයි.

බැසිල් රාජපක්ෂ මහතාට මුදල් අමාත්‍ය ධුරය ලැබීමෙන් පසුව රටේ ඉදිරි සංවර්ධනය සහ ආර්ථික ඉලක්කයන් කඩිනම් කිරීමට මෙම නව කැබිනට් සංශෝධනය සිදු කිරීමට යොමු වී ඇතැයි ද සඳහන්ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එකඟ වී ඇති ගිවිසුම් ප්‍රකාරව ඔවුන්ට ලැබිය යුතු ඇමතිධූර ඉදිරියේදී ලබා දීමට මෙහිදී රජයේ අවධානය යොමුව ඇත. එමෙන්ම එම කැබිනට් සංශෝධනයේදී සෞඛ්‍ය, පොලීසිය, කම්කරු හා අධ්‍යාපන අමාත්‍යාංශවල සංශෝධනයක් සිදු වනු ඇති බව ද සඳහන්ය.

තරුණ ඇමැතිවරුන් ද අමාත්‍ය මණ්ඩලයට එක් වනු ඇතැයි ද තවදුරටත් වාර්තා කර තිබේ.

මේ අනිත්‍ය ලෝකේ අමාත්‍යංශ විතරක් නිත්‍ය නෑ: ගම්මන්පිල

මේ අතර අනිත්‍ය ලෝකයේ අමාත්‍යංශ පමණක් නිත්‍ය නොවන බවත්, තමන් මෙම අමාත්‍යංශ අරන් ආවේ නැති බවත්, අරන් යන්නේ නැති බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සදහන් කරයි.

උත්සවයකින් පසුව මාධ්‍ය හමුවේ අමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියේය.

ලබන 20 වැනිදා මේ සම්බන්ධෙයන් අවසන් තීන්දුව ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා සදහන් කර සිටියේය.

Related news

ප්‍රශ්න උග්‍ර වෙයි: ශ්‍රීලනිප කොටසක් දැඩි තීන්දුවක

administrator

පොලිසියේදී වධ දී මරා දැමූ ‍චදික් වික්‍රමාරච්චි වෙනුවෙන් මිලියනයක වන්දියක් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරයි

administrator

විරෝධතා පලදරයි: කොතලාවල විශ්ව විද්‍යාලය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට

administrator

මුදල් අමාත්‍යංශයේ රවීගේ වාර්තාවක් බැසිල් කඩලා

administrator

රිෂාඩ්ගේ ගෙදර මෙහෙකාර සේවයට යෙදවූ, පිලිස්සී මියගිය දැරිවියට ලිංගික අතවර වෙලා

administrator

වියත් ලේබල් ගොඩහේවාගෙන් අමාත්‍යංශ කෑල්ලක් ගලවයි: පවුලේ ශෂීන්ද්‍රට තවත් කෑල්ලක්

administrator