logo
Info Sri Lanka | www.infosrilanka.lk

බැසිල් වැඩ අල්ලයි: හිටපු පළාත් සභා මන්ත්‍රීවරු ගෙන්වයි

අභිනව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හා හිටපු පළාත් සභා නියෝජිතයින් අතර හමුවක් ඊයේ (11) කොළඹ දී පවත්වන ලදි.

එහිදී නව මුදල් අමාත්‍යවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කෙරෙහි විශ්වාස තැබූ ජනතා අභිලාශයන් සුරැකීමටත් අතිගරු ජානාධිපතිතුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම” යථාර්තයක් කිරීම උදේසා තමන් මුදල් අමාත්‍යවරයා මෙන්ම පක්ෂයේ ජාතික සංවිධායක වශයෙන් පුර්ණ කාලීනව කැප වන බවයි.

මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් ඒ මහතා කියා සිටියේ ආර්ථිකමය වශයෙන් රට අභයෝගයකට මුහුණ පා ඇති තත්වයේදී රටේ ප්‍රධාන ආදායම් මාර්ග හිමි ආයතන වූ ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ ආදායම් බදු දෙපාර්තමේන්තුව හරහා ලැබෙන ආදායම් අවම බවයි.

එමෙන් ම ලොව සෑම රටක්ම මුහුණ දෙමින් පවතින කොවිඩ් වසංගත තත්වය මෙයට ප්‍රධානතම හේතුව බවත් මෙයට අප නොබියව මුහුණ දිය යුතු බව එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා සඳහන් කලේය.

Related news

ප්‍රශ්න උග්‍ර වෙයි: ශ්‍රීලනිප කොටසක් දැඩි තීන්දුවක

administrator

පොලිසියේදී වධ දී මරා දැමූ ‍චදික් වික්‍රමාරච්චි වෙනුවෙන් මිලියනයක වන්දියක් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරයි

administrator

විරෝධතා පලදරයි: කොතලාවල විශ්ව විද්‍යාලය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට

administrator

මුදල් අමාත්‍යංශයේ රවීගේ වාර්තාවක් බැසිල් කඩලා

administrator

රිෂාඩ්ගේ ගෙදර මෙහෙකාර සේවයට යෙදවූ, පිලිස්සී මියගිය දැරිවියට ලිංගික අතවර වෙලා

administrator

වියත් ලේබල් ගොඩහේවාගෙන් අමාත්‍යංශ කෑල්ලක් ගලවයි: පවුලේ ශෂීන්ද්‍රට තවත් කෑල්ලක්

administrator