Info Sri Lanka | www.infosrilanka.lk

අපි තමයි දකුණු ආසියාවෙන් හොඳටම කොරෝනා සාර්ථකව මර්දනය කළේ: නාමල්

දකුණු ආසියානු කලාපය තුළ කොවිඩ් වසංගතයට මුහුණදීම අතින් හා වසංගතය මර්දනය කිරීම අතින් ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටින බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. සංචාරක ක්ෂේත්‍රයේ නියුතු ලක්ෂ 05 කට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

නාමල් රාජපක්ෂ මහතාගේ සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොටදී මෙම වැඩසටහන ආරම්භ කළ අතර සංචාරක හෝටල්වල සේවය කරන පුද්ගලයන් 500 කට සහ සංචාරක මාර්ගෝපදේශකයන්, සංචාරක රියදුරන්, සෆාරි රියදුරන් ඇතුලු ක්ෂේත්‍රයේ නිරත සේවකයන් 150 කට පමණ මධ්‍යස්ථාන හතරකදී එන්නත් ලබාදීම සිදු කෙරිණි.

නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ ලංකා ඉතිහාසයේ දැවැන්තම එන්නත්කරණ වැඩසටහන මේ වනවිට රටතුළ ක්‍රියාත්මක වන බවයි.

වසංගතය හේතුවෙන් කඩාවැටුණු ජන ජීවිතය ක්‍රමයෙන් යථා තත්වයට පත්වෙමින් තිබෙන බවත්, ආර්ථික හා සමාජයීය ස්ථාවරත්වය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් ඇමතිවරයා පවසනවා.

‍ජෛව ආරක්ෂණ බුබුළු ක්‍රමය හරහා සංචාරයක් ගෙන්වීම සිදුකළ දකුණු ආසියාවේ පළමු රට බවට පත්වීමට හැකි වූ බවද රාජපක්ෂ මහතා සඳහන් කරනවා. එපමණක් නොව LPL තරගාවලිය පවා ඉතා සාර්ථකව පැවැත්වූ බවත්, මේ වනවිට දකුණු ආසියානු රටවල් රැසක් ශ්‍රී ලංකාව ආදර්ශයට ගනිමින් සංචාරක ව්‍යාපාරය සහ ක්‍රීඩා තරග ක්‍රියාත්මක කරන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

Related news

වයස 16ක සිසුවෙකු වසර 4ක් ලිංගිකව අපයෝජනය කළ ගුරුවරිය

administrator

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බස් රථයක තිබී වෙඩි උණ්ඩ දෙකක් සොයා ගැනේ

administrator

පාස්කු ඉරිදා ප්‍රහාරයේ පරීක්ෂණ ගැන කියන්න; කාදිනල් හිමි හෙට වතිකානයට

administrator

ලොහාන්ගේ අමාත්‍යංශය යළිත් පිහිටුවයි: ඇමතිකම පෙන්ඩින්!

administrator

උපාධිය දවසේ ගත්ත පින්තූරයෙන් ජනප්‍රිය වුණු චාමිකා (photos)

administrator

ජනාධිපතිටත් වඩා පඩි ගන්න නර්ස්ලා: නර්ස් හාමුදුරුවෝ හෙළිකරයි

administrator