logo
Info Sri Lanka | www.infosrilanka.lk

බැසිල්ගේ ආගමනයෙන් පසු ආණ්ඩුවේ තනතුරු මාරුවක්

වහාම ක්‍රියාත්මක වන පරිදි තෙසර ජයසිංහ (Theshara Jayasinhge) ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ලෙස පත්කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පියවර ගෙන තිබේ.

ඒ අනුව ඔහුව ලිට්රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට හා සභාපති ධුරයට පත්කරන ලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල විසින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ලේකම්වරයාට දැනුම් දී ඇත. (ලිට්රෝ ගෑස් සමාගම, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව යටතේ ඇති ආයතනයකි.)

තෙසර ජයසිංහගේ පත්වීමේ ලිපිය යොමුකර ඇත්තේ බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යංශයේ වැඩබාර ගත් දිනයේමය.

‘එකමුතුව’ නමැති සංවිධානයේ කැඳවුම්කරු වන තෙශර ජයසිංහ, ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බලයට පත්වූ වහාම ඔහුව තරුණ සේවා සභාවේ සභාපති ලෙස පත්කරනු ලැබිය.

අනිල් කොස්වත්තට උසස්වීමක් :

මේ අතර ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ලෙස කටයුතු කළ අනිල් කොස්වත්තට රජයේ ප්‍රමුඛතම ආයතනයක සභාපති තනතුරක් හිමිවන බව පැවසේ. ඔහු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ සමීපතම හිතවතකු ලෙස සැලකේ.

ඒ අතර ශ්‍රී ලංකා රක්ෂණය සංස්ථාවේ සභාපති ධුරයට පසුගියදා ජාතික ලැයිස්තුවෙන් ඉවත්වූ ජයන්ත කැටගොඩ පත්කිරීමට තීරණය කර තිබේ.

ඒ සඳහා ශ්‍රී ලංකා රක්ෂණය සංස්ථාවේ දැනට සභාපති ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්තට ඉල්ලා අස්වීමට නියමිත අතර ඔහුව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත්කිරීමට ජනාධිපතිවරයා විසින් තීන්දු කර ඇතැයි වාර්තාවේ.

Related news

ප්‍රශ්න උග්‍ර වෙයි: ශ්‍රීලනිප කොටසක් දැඩි තීන්දුවක

administrator

පොලිසියේදී වධ දී මරා දැමූ ‍චදික් වික්‍රමාරච්චි වෙනුවෙන් මිලියනයක වන්දියක් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරයි

administrator

විරෝධතා පලදරයි: කොතලාවල විශ්ව විද්‍යාලය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට

administrator

මුදල් අමාත්‍යංශයේ රවීගේ වාර්තාවක් බැසිල් කඩලා

administrator

රිෂාඩ්ගේ ගෙදර මෙහෙකාර සේවයට යෙදවූ, පිලිස්සී මියගිය දැරිවියට ලිංගික අතවර වෙලා

administrator

වියත් ලේබල් ගොඩහේවාගෙන් අමාත්‍යංශ කෑල්ලක් ගලවයි: පවුලේ ශෂීන්ද්‍රට තවත් කෑල්ලක්

administrator