logo
Info Sri Lanka | www.infosrilanka.lk

ආණ්ඩුව පසුබසියි: බලහත්කාරයෙන් රඳවාගෙන සිටි ජෝසප් ස්ටාර්ලින් ඇතුලු සියල්ලන් නිදහස්

දින 8 ක කාලයක් මුලතිව් ගුවන් හමුදා කදවුරක බලහත්කාරයෙන් නිරෝධායනයට යොමුකර සිටි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා ඇතුළු පිරිස නිදහස් කිරීමට එම ගුවන් හමුදා කදවුර භාර බලධාරීන් කටයුතු කර තිබෙනවා.

ඒ අනුව එම නිරෝධායන මධ්‍යස්ථානයට පසුගිය 8 වනදා රැගෙන ආ පුද්ගලයින් 15 කට ආසන්න පිරිසක් අද (16) දිනයේ මුදාහැරෙනු ඇති.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට විරෝධය පලකරමින් පසුගිය 8 වනදා පාර්ලිමේන්තුව අසල පැවති විරෝධතාවයකට සහභාගීවූ මෙම පිරිස නිරෝධායන නීති කඩකල බවට වූ චෝදනාවට අත්අඩංගුවට ගනු ලැබුවා.

කෙසේ වෙතත් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරුණත් පොලීසිය ඔවුන් බලහත්කාරයෙන් බස් රථයකට නංවාගෙන නිරෝධායනයට යැයි පවසා මුලතිව් හී ගුවන් හමුදා කදවුරකට යොමු කළා.

කෙසේ වෙතත් මෙම පිරිස එම නිරෝධායන මධ්‍යස්ථානයේ සිටද කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට විරෝධය පලකරමින් විරෝධය දැක්වූවා.

දුමින්ද නාගමුව ඇතුලු 6 දෙනාත් නිදහස්

විරෝධතාවක නිරතව සිටියදී නිරෝධායන නීති කැඩීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන පල්ලෙකැලේ නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජික දුමින්ද නාගමුව ඇතුලු 6 දෙනා නිදහස් කර තිබෙනවා.

ඒ අනුව මහනුවර පල්ලෙකැලේ සමුපකාර අධ්‍යාපන මධ්‍යස්ථානෙයේ නිරෝධායනයට ලක්කර සිටි දුමින්ද නාගමුව, සංජීව බණ්ඩාර, ධම්මික මුණසිංහ, චන්ද්‍රසිරි, ලන්දගේල නයනා රංගනී, බෙනිල්ඩස් සිල්වා යන පිරිස දින නවයක නිරෝධායන කාලයකින් පසු නිදහස් කිරීමට කටයුතු කර තිබෙනවා.

Related news

ප්‍රශ්න උග්‍ර වෙයි: ශ්‍රීලනිප කොටසක් දැඩි තීන්දුවක

administrator

පොලිසියේදී වධ දී මරා දැමූ ‍චදික් වික්‍රමාරච්චි වෙනුවෙන් මිලියනයක වන්දියක් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරයි

administrator

විරෝධතා පලදරයි: කොතලාවල විශ්ව විද්‍යාලය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට

administrator

මුදල් අමාත්‍යංශයේ රවීගේ වාර්තාවක් බැසිල් කඩලා

administrator

රිෂාඩ්ගේ ගෙදර මෙහෙකාර සේවයට යෙදවූ, පිලිස්සී මියගිය දැරිවියට ලිංගික අතවර වෙලා

administrator

වියත් ලේබල් ගොඩහේවාගෙන් අමාත්‍යංශ කෑල්ලක් ගලවයි: පවුලේ ශෂීන්ද්‍රට තවත් කෑල්ලක්

administrator