Info Sri Lanka News | www.infosrilanka.lk

මුදල් අමාත්‍යංශයේ රවීගේ වාර්තාවක් බැසිල් කඩලා

යහපාලන රජයේ පළමු මුදල් අමාත්‍යවරයා වූ රවී කරුණානායක මහතා දෛනිකව වැඩිම වේලාවක් වෙන්කළේ මුදල් අමාත්‍යංශයේ කටයුතු සඳහායි. ඔහු බොහෝ දිනවලදී මධ්‍යම රාත්‍රී 12 වනතෙක් අමාත්‍යංශයේ රැඳී සිටිමින් අමාත්‍යංශයේ කටයුතු සොය බැලුවේය.

කෙසේ නමුත් වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, රවී කරුණානායක හිටපු මුදල් ඇමතිවරයාගේ වාර්තාවද අභිබවා ගොස් තිබෙනවා. ඊයේ දිනයේදී ඔහු අළුයම 03 දක්වා මුදල් අමාත්‍යංශයේ රැඳී සිටිමින් නිළධාරීන් සමග රාජකාරි සිදුකර තිබෙනවා.

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා ඊයේ මාධ්‍ය හමුවකදී සඳහන් කළේ බැසිල්ට ලැබුණේ හිස් භාණ්ඩාගාරයක් බවයි. එනිසා එකවර ප්‍රාතිහාර්යය පෑ නොහැකි බවත් සහන ලබාදෙන තුරු ජනතාවට ටික කාලයක් ඉවසාගෙන සිටීම සිදුවන බවත් මන්ත්‍රීවරයා සඳහන් කර තිබුණා.

ජගත් කුමාර මන්ත්‍රීවරයාගේ ප්‍රකාශ සනාථ කරමින් බැසිල් රාජපක්ෂ මහතා, රටේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා දිවා-රෑ නොබලා අවශ්‍ය සැළසුම් සකස් කරමින්, එම සැළසුම් ක්‍රියාත්මක කරමින් සිටී.

Related news

කැබිනට් සංශෝධනයක්; ප්‍රබලයන් රැසක තටු ගැලවේ.

administrator

මහ බැංකුව සල්ලි කුණු දෙන්න කෙනෙක් හොයයි.

administrator

මෙරට ලිංගික ශ්‍රමිකයන් ගැන මෛත්‍රීපාල නව සොයාගැනීමක් කරලා!

administrator

Fact Check සඳුන් PMD එකට ගිය හේතුව මෙන්න; පුවත් වල ඇත්ත-නැත්ත හොයන්න ජනාධිපති ඒකකයක්!

administrator

රණවීරගේ පුත්‍රයාට පොහොට්ටුවේ දේශපාලන ඇකඩමියෙන් ශිෂ්‍යත්වයක්!

administrator

වාහන ගෙන්නපු DIMO සමාගම ඖෂධ ආනයන සමාගම් දෙකක් මිලදී අරන්.

administrator